දවසේ කාලගුණ නිවේදනය

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද (09) දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බ්බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

Exit mobile version