දසුන් ශානකට දඩ.

දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දඩයක් නියම කිරීමට තිරණය කර තිබේ.

මෙම දඩ මුදල පැනවීමට හේතු වී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගිය 08 වනදා පැවැති තරගයේදී විනිසුරු තීරණයකට විරුද්ධත්වය පළ කිරීමයි.

ඒ අනුව තරඟ තීරකවරයා අමෙරිකානු ඩොලර් 3,000ක දඩ මුදලක් ඔහුට නියම කිරීමට පියවර ගෙන ඇත.

ලංකා ප්‍රීමියර් ලීග් විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් මෙහිදී සිදු කර ඇති බව සඳහන් වේ.

Exit mobile version