දහම් පාසල් ගුරු විභාගය සදහා භාර ගන්නා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ 2023.03.15 වන දිනට පෙර සිදු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ගුරු විභාගය සදහා අයදුම් කරන දහම් පාසල් ගුරුවරුන් 2023 .03.15 වන දිනට අවම වශයෙන් මාස 6 ක කාලයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව තිබිය යුතු බවත් , අඛණ්ඩව දහම් පාසල් ගුරුවරයෙක්ව කටයුතු කර තිබිය යුතු බවත් , අයදුම්කරුවන් අවුරුදු 18 ට වඩා වැඩි විය යුතු බවත් වැඩි දුරටත් සදහන් කරයි.
එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 2022 වර්ෂවල මෙම විභාගය පැවැත්වීමට නොහැකි වූ අතර එම වර්ෂවල විභාගය සදහා අයදුම් කළ අයදුම්කරුවන් 2023 වර්ෂයේදී නැවත අයදුම් කරන් ලෙසත් දන්වා සිටී.
මෙම ගුරු විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 25 කදී මාර්තු මස 17 වනදා පැවැත් වීමට නියමිත බව වාර්තා වේ.