පුරාවිද්‍යා දැඩි රක්ෂිතයක් සේම දැඩි ආරක්ෂිත කලාපයක් වූ ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවට ඊයේ (21) මහ රාත්‍රියේ ඇතුළු වී මළුව කැණීමට උත්සාහ කළ පිරිසක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
මෙම පිරිස ජල සම්පත් මණ්ඩලයෙන් බව පවසමින් මහ මළුවට ඇතුලු වී ඇත්තේ පුරාවිද්‍යා බලධාරීන්ගෙන් කිසිම අවසරයක් ලබා නොගෙන බව අප කළ විමසීමක දී තහවුරු විය.
ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුව පරිශ්‍රය දැඩි සංස්කෘතික සේම පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියකි.මෙම සංස්කෘතික සහ පෞරාණික භූමි ආරක්ෂා කිරීමට යොදා ගන්නා රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයෙකුට කිසිම ආකාරයක කැණීමක් සිදු කිරීම සපුරා තහනම් ය .
එවන් වටපිටාවක රාජ්‍ය ආයතන හෝ වෙනත් ඕනෑම බලධාරියෙක් ස්වකීය අවශ්‍යතා අනුව බලය යොදවා කරන මෙවැනි අත්තනෝමතික අනීතික හැසිරීම් ජාතියටම සාපයක් වෙමින් ඇති බව විද්වත්හු පෙන්වා දෙති .
පසුගිය දෙසැම්බර් 13 වැනිදා කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ ටොන් ගණනක් බර ඓතිහාසික සදගල සොරකම් කළ පුරාවස්තු හොරුන් ගැන මේ වන තුරුත් විධිමත් පරීක්ෂණ සිදු වී නැති බව හෙළි වී තිබේ .එම අපරාධය පසුපස ඇමති පුතෙක් සිටින බවත් ඒ හේතුවෙන් එම විමර්ශන සාධාරණව සිදු නොවන බවත් වාර්තා වේ. ( උපුටා ගැනීම ලංකා සර )
අපද මේ පිළිබදව සොයා බැලීමේදී අනාවරණය වූයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාවට සිටින පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ද ජංගම දුරකථන අක්‍රීය කර තිබූ බවයි . එසේම මෙම සිද්ධිය සංවිධානාත්මකව සිදු කිරීමට කටයුතු කර තිබෙන බව ද අපට වාර්තා වේ.මීට පෙර ද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නීති විරෝධී කැණීම් සහ ඉදිකිරීම් ගණනාවක් සිදු කර තිබුණත් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරු මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය ද ඒවාට එරෙහිව ගත යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැත .