උතුම් ශ්‍රී දළදා මාළිගාවට බැතිමතුන් උදේ හවස පැමිණෙන්නේ ඉතාමත් ශද්ධා සිතැතිවය.රටේ නොයෙකුත් දුෂ්කර ප්‍රදේශවලින් පවා ඉඩක් ලද සැනින් නුවර වදින්න පැමිණෙන බැතිමතුන්ගෙන් ශ්‍රී දළදා මාළිගය නිතර කාර්යබහුල වේ.
දළදා වහන්සේ ඉදිරියට යන බැතිමතුන් පිලී අහරක් හෝ නොගෙන පිළිවෙතින් පේවී ගියද එහි සේවය කරන්නන් නම් එසේ කටයුතු කරන අයුරක් නොපෙනේ.පසුගිය මස සුසන්ත විමලසේන නමැති විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකු විසින් ලිපියක් තුලින් මෙවැනි සිදුවීමක් පිළිබඳව ප්‍රකාශයක් සිදුකර ඇත.එම ලිපිය ඔහු විසින් දළදා මාලිගාව සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් වෙතද ඉදිරපත් කර ඇත.
එම ලිපිය ඔස්සේ ඔහු පෙන්වා දී ඇත්තේ දළදා වහන්සේ වැදපුදා ගන්න පැමිනෙන බැතිමතුන් ශද්ධා සිතින් දළදා කුටිය තුලට ඇතුළු වුවද ඉන් එළියට පැමිණෙන්නේ වෛරී සිතින් වන බවයි.
ඊට හේතු වී ඇත්තේ දළදා වහන්සේ වැඩ සිටින කුටිය තුලට දළදා වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට එහි සේවකයන් ඉතා පරුෂ අයුරින් බැන වදිමින් ඔවුන් එළියට ඇද දැමීමයි.
එම නිලධාරීන් අරක්කු වලින් මත් වී මෙසේ බැතිමතුන්ට අසික්කිත අයුරින් බැන වදින බව ඔහු අනාවරණය කරයි.
තම සාක්කුව පුරවා ගැනීමට පමණක් මහන්සිවෙන නිලමෙලා සහ අල්ලසට යට වු බෞද්ධ ශාසන කොමසාරිස් ජනරාලවරු සිටින මෙවැනි උතුම් ස්ථානයකින් මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට ලැබීම පුදුමයට කරුණක් නොවේ.
මිට පෙර දී දළදා වහන්සේගේ මුවාවෙන් මේ නිලංග දෑල ඇතුළු එහි සිටින නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන වංචා දුෂණ රාශියක් අප විසින් සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. කෙසේ නමුත් ඒවාද මේ වන විට යලිත් යට ගසා ඇති බවක් පෙනෙයි. මුදලට බලයට කෙල හලන බලධාරීන් සිටින තෙක් එම කරුණු සියල්ල යටපත්ව පවතිනු ඇත.
රටේ බෞද්ධාගම සම්බන්ධයෙන් වගකීම පැවරී ඇති පාර්ශව රාශියක් තිබුනද ඉන් එකදු පාර්ශවයක් හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග තවමත් ගෙන නොමැති පසුබිමක් තුල දළදා මාලිගාව තුල මෙවැනි දුර්ජනයන් සේවය කිරීම සිදුවිය හැක.
බෞද්ධ කටයුතු කොමසාරිස්වරුන් පවා නිද්‍රා සහගතව කටයුතු කිරීම තුලින් තව තවත් මේ උතුම් සද්ධර්මය වල පල්ලට ඇද වැටෙනු ඇත.
කෙසේ නමුත් දළදා වහන්සේ වැදපුදා ගැනීම සදහා දුරබැහැර සිට පවා පැමිණෙන බැතිමතුන්ට දළදා මාළිගය තුලින් ලැබෙන මෙම සැලකුම් නම් එතරම් සුදුසු නොවේ.
දළදා වහන්සේ ඉදිරිපිට මත් වී කෑගසන්නට තරම් නොහික්මුණ නිලධාරීන් කවුරුන් විසින් පත් කරන්නේද යන්න සෙවීමට අවශ්‍ය නොවේ.මන්දයත් දළදා වහන්සේගේ භාරකාරින් යැයි නමට සිටිනා පිරිස විසින් මෙම නිලධාරින්ද පත්කළා විය යුතුය. ඔවුන්ට විරුද්දව ගතයුතු පියවර ගැනීමට කටයුතු කල යුතුව ඇති නමුත් උස් ආසනවල වජඹෙන්නන්ගේ සපත්තු ලෙවකන මෙවැනි දුර්ජනයන් ඉවත් කිරීමට කිසිසේත් එවැනි දූෂිත නායකයන් කටයුතු නොකරයි.
දියවඩන නිලමේ බිලියන්පතියෙක් වුයේ මැණික් වෙලදාමෙන් නොවේ. ඔහුගේ පියා ගුරුවරයෙකි. සෙවිය යුත්තේ ඔවුන් බිලියන්පතියන් වුයේ කෙසේද යන්නය. සාක්ෂි තිබුණත් ඒවා පලකරන්නට මාධ්‍ය ආයතන කැමත්තක් නොදක්වයි. ඒ ඔවුන්ගෙන් ලැබෙන විවිධ සන්තෝසම් නිසාය. පොලිස්පතිද නිහඩය. බෞද්ධ ශාසනයම විකුණා රටේ ඉතිහාසයද විකුණා දුෂිත ආකාරයෙන් ලබා ගන්නා මුදල් උසස් නිලධාරීන්ගේ මෙන්ම උසස් පොලිස් නිලධාරීන් අල්ලස් ලෙස ලබා ගනී. තොරතුරු අප සතුය. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ පණිවිඩකරු මරා දැමීමය.
එවන් රටක දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින බවට ජන විශ්වාසය සහිත ප්‍රදේශයද බේබද්දන්ගෙන් ගහනව තිබේ නම්………. ශ්‍රී ලාංකිකයනි…. ඔබේ රට මෙහෙමවත් තිබීම පුදුම සහගතය.