දළදා මාළිගාව විනාශ වෙන ආකාරයට සංරක්ෂණය කළේ කව්ද ?

ශ්‍රී ලංකාව පිළිබඳව ලියන විට බොහෝ ස්ථානවලින් අපට ගැනීමට සිදුවන්නේ වංචාව ,දූෂණය ,නාස්තිය සහ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස රටට ,ආගමට ජාතීන්ට සිදුව තිබෙන නැවත නිවැරදි කළ නොහැකි හානි පිළිබඳව අවදානය යොමු කරමින් ය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙන්ම බෞද්ධ ධර්මයටද දැඩි හානියක් සිදු කිරීමට කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ දූෂිත කණ්ඩායම විසිනි.ඔවුන් විදේශ රාජ්‍යන්වල සිටින විවිධ දූෂිත කණ්ඩායම් සමග එක්ව රට විනාශ කරමින් සිටී.ඒවා හදුනා නොගත් රාජ්‍ය නිලධාරින් ඒවාට එරෙහිව කටයුතු නොකර ඔවුන්ට ඒවා කරගෙන යාමට අවශ්‍ය ලෙස පරිසරය නිර්මාණය කර දීම වර්තමාන විනාශයට ප්‍රධානම හේතුවයි.

එවන් පසුබිමක් තුළ අප නිරන්තරයෙන් ම පෙන්වා දී තිබෙන මහනුවර ශ්‍රී දළදා පරිශ්‍රය තුළ සිදුවන වංචා ,දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සහ ඒවාට එරෙහිව අවශ්‍ය කටයුතු සිදු කිරීමට රාජ්‍ය බලධාරීන් කටයුතු කර නැත.

විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරු, අග්‍රාමාත්‍යවරු,බෞද්ධ ශාසන කටයුතු පිළිබඳව අමාත්‍යවරු ,බෞද්ධ ශාසන අධ්‍යක්ෂක ජනරාල්වරු මෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරු මෙන්ම ශ්‍රී ලංකා පොලීසියද ඒවායේ සිදුවන වංචා,දූෂණ වැළැක්වීම සදහා කටයුතු සිදු කිරීමට මේ වන තෙක්ම අපොහොසත්ව තිබේ.

ඒවායේ අනාගත ආදීනවද අප දිගින් දිගටම පෙන්වා දෙන ලදි.නමුත් බලධාරීන් සියල්ලෝම එකට එකතුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවට තිබෙන ජනතා ගරුත්වයට ,ආගමික ලබ්දියට හානි සිදු කරමින් මහජනතාවට පූජනීය ස්ථානයක් අහිමි කරමින් සිටී.

එම කටයුතු එසේ සිදුවෙමින් තිබියදී මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට අයත් පැරණි මාළිගා ගොඩනැගිල්ල සංරක්ෂණය සඳහා එක්සත් ජනපදය 2012 දී රුපියල් මිලියන 51ක් ලබා දී තිබුණි.එම මුදල්වලින් මාළිගාව සංරක්ෂණය කිරීමේදී පැවති තත්ත්වය වෙනස් කර තිබුණි.එය රටේ පුරාවිද්‍යා නීතියට අනුව වරදක් වුවත් පුරාවිද්‍යාඥයින් නිහඬව සිටියේය.

ඒ අනුව වරින්වර විවිධ පුද්ගලයන් චෝදනා කරේ මෙහි තිබෙන දිය අඟලට යටින් මාළිගා පරිශ්‍රය ඇතුළට යම් යම් කැණීම්ද සිදු කර තිබෙන බවයි.

අප ඒවාද ඉදිරිපත් කර තිබුණත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන් ඒවා සෙවීමට අවශ්‍ය කටයුතු මේ වන තෙක්ම සිදු කර නැති අතර විවිධ කැණීම් සිදුකරන ඡායාරූප ද අපවෙත ලැබී තිබේ.එසේම දළදා මාළිගා පරිශ්‍රයේ විවිධ ස්ථානවල කැණීම් සිදු කරන ලද බවද මීට වර්ෂ කිහිපයකට පෙර විවිධ පත්තරවලින් වාර්තා කර තිබුණි.ඒවා නිධහන් සෙවීම සඳහා සිදු කරන ලද බවට චෝදනා එල්ල වී ඇති නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය බලධාරීන් නිදිවර්ජිතව සිටියේය .

එසේම අස්ගිරි මහා විහාරයද නිහඬව සිටියේය .තවමත් මහානායක ස්වාමීන් වහන්සේලා මේ වෙනුවෙන් කිසිදු වචනයක්වත් ප්‍රකාශ නොකරයි.

නමුත් ස්වභාවදහම වෙනස් විය.ඔවුන් සිදුකළ විනාශය දැන් ස්වභාවදහම මතුකර තිබේ.කිසිදා හානි නොවූ දළදා මාළිගා පරිශ්‍රය පිටාර ගැලීමට ලක්ව තිබේ.එය සිදුව තිබෙන්නේ මේ පාලකයින්ගේ වරද නිසාය.පැරණි මාළිගාව සහ ඉදිරිපස දිය අඟල මීට පෙර පිටාර ගැලීම්වලින් තොරව පැවති බවට උඩරට වැසියන් ප්‍රකාශ කරති.

වර්ෂාවත් සමගම මහ විෂ්ණු දේවාලය ඉදිරිපිට ඇති දේව සංහිදය අසල ප්‍රදේශයේ පස් කණ්ඩි කඩා වැටී තිබුණි.එමගින් උඩරට පළමු ඉංග්‍රීසි පාලකයා වූ ජෝන් ඩොයිලි විසූ මාළිගාව සහ උඩරට රජවරුන් විසූ 16 වැනි සියවසට අයත් මාළිගය විනාශ වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වී තිබේ.

එම සිද්ධියත් සමගම මෙම ප්‍රදේශය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.ඒවාද හුදෙක් කූඨ ඇග බේරාගැනීම උදෙසා සිදු කරන ලද පරීක්ෂණ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.ඒවා සිදු කළ යුතුව තිබුණේ මෙම පැරණි ගොඩනැගිලි සංරක්ෂණය කිරීමට පෙරය.

දළදා මාළිගාවේ සිවිල් ප්‍රධාන භාරකරුවා වන දියවඩන නිලමේවරයා ඇතුළු ඔහු සමයේ බඳවා ගෙන සිටින සියලු සිවිල් පුරවැසියන් මෙම විනාශයට පමණක් නොව අපට අහිමි වන බෞද්ධ උරුමයන් විනාශ කිරීම පිළිබඳවද වග කිව යුතු වග උත්තරකරුවෝ වෙති.

මේ අනුව ඔවුන්ට දඩුවම් නොලැබුණත් අප සියලු දෙනා විශ්වාස කරන ස්වභාවදහමේ දඩුවම් ඔවුන්ටත්, විනාශයන්ට උඩගෙඩි දුන් රාජ්‍ය නිලධාරින්ටත්, දියවඩන නිලමේවරයා උදෙසා පෙනී සිටින දේශපාලන නායකයන්ට ,පොලිස් නිලධාරින්ට පමණක් නොව මහා විහාරවාසී නායක හිමිවරුන්ට පවා ලැබෙනු ඇත.

මේ වන විටත් ඒවා සිදුවෙමින් පවතින බව අපට දක්නට සහ අසන්නට ලැබේ.

Exit mobile version