දළදා වහන්සේට අදත් අගෞරව. මාධ්‍ය ඒකකය දියවඩන නිලමේටත් ඉහලින්.

අද (18)  මේ මොහොත වන විට ඓතිහාසික සෙන්කඩගල ශ්‍රී දළදා පෙරහරේ රන්දෝලි පෙරහැර  ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ. අප පෙර දිනක සැල කර සිටි අන්දමින්ම මේ මොහොත තුල දළදා පෙරහරේ සම්ප්‍රදායට අපහාස වන ලෙස හැසිරෙන දළදා මාලිගාවේ බව පවසන මාද්‍ය ඒකකය දළදා වහන්සේට අපහාස  කරනා තම මාද්‍ය සංදර්ශනයඅදත්, මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

දළදා වහන්සේ වැඩමවීම සිදු කරන්නේ කහ දියර මග දිගට  ඉසිමිනි. ඒ උන්වහන්සේගේ පරිසුද්දත්වය වෙනුවෙනි.  රජය වෙනුවෙන් පොලිසිය තම පොලිස් නිල රථ යොදමින් මේ උත්තරීතර දළදා වහන්සේ වෙනුවෙන් රජයේ ගරු සම්මානය ලබා දෙති. රජය යනු මේ රටේ මහා ජනතාවය.  ශ්‍රී ලාංකික  මහජනතාවගේ පමණක් නොව ලෝක පූජිත දන්ත ධාතූන්  වහන්සේ සුරැකීම අප කාගේත් වගකීමකි.

එසේ තිබියදී, දියවඩන නිලමේටත් ඉහලින් ක්‍රියාත්මක වන මේ මාලිගාවේ මාධ්‍ය ඒකකය , අද රන්දෝලි පෙරහැර ඇරබීමටත් පෙරම, පෙරහැර වීඩියෝ කරගැනීමට බාධාවක් බව පවසමින් කහ දියර ඉසින රථය සහ පොලිස් පෙර ගමන් රථය දළදා වීදියෙන් ඉවත් කරන ලදී.  මා මීට පෙරද මෙම මාද්‍ය ඒකකය පිලිබදව  ලියන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස, 16 වැනිදින දියවඩන නිලමේතුමා උදෑසන 1.30 පමණ වන තෙක් සියල්ලම නිරීක්ෂණය කරන ලදී. ඔහු සමග නියෝජ්‍ය පොලිස්පතිතුමාද රැදී සිටි බව අප නිරීක්ෂණය කළෙමු. බෞද්ධාගමික අනාගතය විකුනන, ආගම විකුණන මෙම මාධ්‍ය ඒකකය ගැන, දළදා මාලිගාවේ මාද්‍ය ඒකකය මගින් දළදා වහන්සේට කරන මෙම අගෞරවයන් දෙස මෙරටේ බෞද්ධ ජනතාව සැමදා නොඉවසනු ඇත. කන්ද උඩ රට අපගේ සහෝදර මාද්‍යවේදින් පවා ඇති උතුම් දළදා වහන්සේ හට තිබෙන ආදරය, ගරුත්වය සේම අවුරුදු 30, 40 කට වඩා පෙරහැර පිලිබදව ඔවුන්ට තිබෙන  අත් දැකීම් සුළු පටු නොවේ. දියවඩන නිලමේ තුමනි. අනෙකුත් බාරකරුවනි. මේ අවකැපෙන මාද්‍ය හැසිරීම පිලිබදව මීට වඩා ඔබේ දෙනෙත් අරිය යුතුය. ඔබගේ ක්‍රියාකලාපයන් දෙස රටක් , ලෝකයක් බලා සිටිති. මාද්‍ය ඒකකයේ බොහෝ අකටයුතුකම් අප සතුව තිබේ. මාද්‍ය ඒකකය යනු දන්ත ධාතූන් වහන්සේගේ බාරකරුවන් නොවේ. දළදා වහන්සේට සිදු කරන මාද්‍ය සැණකෙළි නවතා උන් වහන්සේගේ ගරුත්වය සුරැකිය යුතුය.

අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රටත් , ජනතාවත් දැඩි ප්‍රශ්න වලට ලක්ව සිටින මෙවන් මොහොතක පවා හැසිරිය යුත්තේ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් වන අයුරිනි.  අපට පෙනෙන මේ හැසිරීමට වඩා නොපෙනෙන හැසිරීම් වැඩි බව පැහැදිලිය. පවතින දැඩි වර්ෂාව පෙරහැර මංගල්‍යයට මෙන්ම රටේ අභාග්‍ය සම්පන්න බව පෙන්වන අතර, මේ අසුභ හේතූන් වලට හේතුව මෙවැනි අමනෝඥ ක්‍රියාවන් වල ප්‍රතිපලයන් බව දන්නේ ප්‍රබුද්ධ ධාර්මිකත්වය අගය කරන්නෝ පමණි.

Exit mobile version