ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අතර අද (05) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී ජනපති පවසා සිටියේ එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශවීයව ගනුලබන තීරණ පිළිබඳව දෙරටේම ජනතාව නිවැරදි අයුරින් දැනුවත් කළ යුතු බවයි.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වාසි අවාසි පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් කර ඔවුන්ගේ බහුතර කැමැත්ත මත ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් වන බවයි.