සිංගප්පූරු රෝහලකින් මෙම විශේෂ පුවත වාර්තා වී ඇත්තේ උපතේ දී ලොව කුඩාම දරුවා ලෙසයි.මෙම බිළිඳිය දැඩි සත්කාර ඒකකයේ සිට ප්‍රතිකාර ලබා තම නිවස කරා පිටව ගොස් ඇත්තේ මාස 13කට පසුවය.
නමින් ඇය ක්වෙක් යූ ෂුවාන් වන අතර ඇය උපදින විට ඇගේ දිග සෙන්ටිමීටර් 24 ක් වූ අතර බර කිලෝග්‍රෑම් 212 ක් විය. ඇය සති 25ක් වැනි කෙටි කාලයක දී ප්‍රසූතිය සිදුවිය. එයට හේතු වී ඇත්තේ මවගේ රෝග තත්ත්වයක් නිසා බව ද පැවැසීය. ලෝවා විශ්ව විද්‍යාලයේ ළදරු ලේඛකාධිකාරයට අනුව මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවේ 2018 වර්ෂයේ එක්සත් ජනපදයේ උපත ලැබූ ග්‍රෑම් 245 ක් බරැති ගැහැණු දරුවෙකු බවය.
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාල රෝහලට අනුව ඔවුන් පැවසුවේ ගැහැණු ළමයාට “දිවි ගලවා ගැනීමේ සීමිත අවස්ථාවක් තිබූ බවයි.”
මෙම කුඩා බිළිඳිය රෝහල්ගතව සිටි කාලයේ විවිධාකාර ප්‍රතිකාර ලබාදෙමින් ඇයගේ දිවි ගලවා ගැනීමට විවිධ යන්ත්‍ර මගින් උත්සහ දරා ඇත.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය මේ වන විට ඇයගේ සෞඛ්‍ය මට්ටම යහපත් ලෙස දියුණු වෙමින් පවතින බව පවසයි.වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ වර්ධනය හා සෞඛ්‍ය මට්ටම යහපත් තත්ත්වයක පැවති බැවින් ඇයට ඇයගේ නිවස කරා යාමට එය ප්‍රමාණවත් බවයි.
යූ ෂුවාන් තවමත් නිදන්ගත පෙනහළු රෝගයෙන් පෙලෙන නමුත් NUH වෛද්‍යවරුන් පවසන්නේ කාලයත් සමග ම ඇය යහපත් මට්ටමකට පත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.