කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයට පැමිණ තම දෙමාපියන් සමග සිටියදී වයස අවුරුදු හතක් පමණ වන දැරියක් පැහැරගෙන පලායෑමට තැත් කල බව කියන පුද්ගලයකු කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
මෙම සිදුවීමට මුහුණ පැ දියණියගේ දෙමාපියන් විසින් තම දියණිය පුද්ගලයෙකු විසින් පැහැරගෙන පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ආධාර ඉල්ලා කෑ ගසා ඇති බව සදහන් වේ.
මහජනතාව විසින් මෙම පැහැරගැනීමට උත්සාහ කළ බව කියන සැකකරු අල්ලා පොලිසියට බාරදී තිබේ.
සැකකරු උඩුපුස්සැල්ලාව ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු බව වාර්තාවේ. කොටුව පොලීසිය මේ සම්බන්දව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.