දැරිවියගේ බඩට දරුවෙක් දුන් දිස්ත්‍රික් ලේකම් නිසා දැරිවියගේ ජීවිතය අනතුරේ.සිදු වූයේ වරදක් – දිස්ත්‍රික් ලේකම් කියයි.

මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 13ක් වන දැරියක් ආර්ථික දරිද්‍රතාවය නිසා තමන්ගේ පාසල් ගමන මගහැරි ඇතැයි කළ ප්‍රකාශයකින් සැකසුන පුවත්පත් වාර්තාවක් සඳහා සිය නිරීක්ෂණය දක්වමින් එම සිසුවිය අනියම් සම්බන්ධතාවයකින් ගැබ්ගත් බාල වයස්කාර මවක් බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරීන්ට ලිඛිතව දැන්වූ සිදුවීම මුලුමනින්ම අසත්‍යයක් බව හෙළි වේ.

මෙම අසාධාරණයට ලක් වූ දැරිය මේ වන විට කරකියා ගත දෙයක් නොමැතිව නීතියේ පිහිට අයදමින් සිටියි.

දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ වාර්තාවක් මත පදනම්ව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි පසුගිය දෙවැනිදා එම ලිපිය ජනාධිපති මාධ්‍ය අංශයට, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට මෙන්ම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට යොමුකර ඇත.

කිසිදු සොයාබැලීමකින් තොරව සිදුකරන ලද මෙම ප්‍රකාශය හේතුවෙන් ජීවත්වීමත් එපා වී සිටින බව පවසන එම දැරිය ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උදව් කළ හැකි කවරෙක් හෝ සිටී නම් ඉදිරිපත්වන ලෙස ආයාචනා කරයි.

ඇය නමින් මලීෂා සෙව්වන්දි බංඩාර වන අතර ඇය සඳහන් කර ඇත්තේ තමන් සති දෙකකට අධික කාලයක් පාසල් නොගියේ පාසල් යෑමට බස් ගාස්තු නොමැතිවීමත්, අවශ්‍ය පොත්පත් නොමැති වීම සහ ආහාර හිඟයක් පවතින නිසාත් බවයි.

මෙම දියණිය මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 13 වියෙහි පසුවන අතර ඇයව බාලවයස්කාර මවක් බවට සඳහන් කරමින් අදාළ ආයතන වෙත යොමු කර ඇති ලිපිය සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ධර්මසිරිගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි.

“ඒක මම නිවැරදි කරලා යවනවා, මට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලියුමක් ගෙනත් දුන්නා ඒ දැරිය එහෙම තත්ත්වයක නෑ කියලා.ඒ නිසා ලියුම් දාපු හැමතැනටම ඒක නිවැරදි කරලා යවනවා.”

ලංකාසර වෙබ් අඩවිය වාර්තා කර තිබූ මනම්පිටියේ නිමල් ජයරත්න මහතා විසින් කරන ලද වාර්තාවක් අප මෙසේ උපුටා දක්වන ලදී.

Exit mobile version