දැල්පන්දු ශූරියන්ට ක්‍රීඩා අමාත්‍යවරයාගේ හරසර.

හයවන වරටත් ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු ශූරතාවය හිමිකර දුන් ශ්‍රී ලංකා දැලු පන්දු කණ්ඩායම ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඇගයීමට ලක් කර ඇත.

එහිදී දැල්පන්දු ශූරියන් අමාත්‍යවරයා හමුව සාකච්ඡා කර ඇති අතර ඉදිරි කටයුතු පිළිබඳව ද අදහස් දැක්වීම් සිදුකර ඇත.

එහි දී අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේ ඉතාමත් අර්බුදකාරී තත්ත්වයන් රැසකට මුහුණ දෙමින් සිටින කාලවකවානුවක  රටට මෙවැනි විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින් කීර්තියක් අත්කර දීමට මෙසේ කටයුතු කිරීම ඉතාමත් අගයකොට සලකන බවයි.

එමෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරියේ දී අවශ්‍ය සියලුම පහසුකම් සලසා දීමට තමන් සූදානම් බවත් ආර්ථික වශයෙන් අවශ්‍ය සහයෝගය ද මෙම කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට කටයුතු  කරන බවත්  අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version