පල්ලෙකැලේ පොලිස් වසම අංක 7/02, පන්සල පාර, කෙන්ගල්ල, පල්ලෙකැලේ ලිපිනය පදිංචි දොන් රජීව මංගල ගුණවර්ධන යන අය තෙල්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන ගණනාවක් ඇති ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයෙකු වන අතර දිගන මංගල නමින් ප්‍රසිද්ධ පුද්ගලයකි.
ඔහුට රථ වාහන විකිණීමේ මධ්‍යස්ථාන හා උකස් මධ්‍යස්ථාන සහ මහා පරිමාණයෙන් මුදල් පොලියට ලබා දීම ආදී වෙළඳ ව්‍යාපාර රාශියක හිමිකරුවකු වන අතර ඔහුට එම වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා තෙල්දෙනිය පොලිස් වසමේ කාර්යාල කීපයක් ආරම්භ කර ඇත.
ඔහු විසින් දිගන නගරයේ පිහිටි හයිලන්ඩ් එජන්සිය නැමැති තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පිහිටි ඔහුගේ කාර්යාලයේ සිටියදී අද දින දවල් 1200 ට පමණ ඔහු විසින් රිවොලර් අවියකින් වෙඩි තබා ගෙන ඇත.
පසුව බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මහනුවර ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. වැඩිදුර විමර්ශන කටයුතු පල්ලෙකැක්ලේ පොලීසිය මගින් සිදුකරනු ලබයි.