අනුරාධපුරයේ හිටපු වෛද්‍යවරයෙකු මෙන්ම දේශපාලඥයෙකු වන ජෝන් පුල්ලේ මරා දැමුවේ බර්ටි ප්‍රේමලාල් දිසානායක නමැති අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු දේශපාලඥයෙක් බවත්,හමුදාව සහ පොලීසිය යොදාගෙන එය කල බවත්, LTTE එක හා බර්ටි මෙන්ම දුමින්ද දිසානායක යන සියළුම දෙනා එක්ව රට පවා දුන් බවත්, ප්‍රමිත බණ්ඩාරලා ඇතුළු තෙන්නකෝන්ලා ද එම ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධ බවත්, දිගම්පතන ප්‍රදේශයේදී පුපුරා ගිය බෝම්බ ලොරිය ආවේ තෙන්නකොන්ලාගේ නිවසේ සිට බවත් මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුවේ ධම්මරතන ප්‍රකාශ කරයි.
උන් වහන්සේ ඒ බව ප්‍රකාශ කලේ චමුදිත සමරවික්‍රම සමඟ, ඔහුගේ යු ටියුබ් නාලිකාවේදී පැවති අන්තර්ජාල සාකච්ඡාවදීය.
එහිදී උන් වහන්සේ ප්‍රකාශ කලේ ජනතා විමුක්ති පෙරමුණ ද මිලේච්ඡ පක්ෂයක් බවත්,අනුර කුමාර දිසානායක මහතාට බදින ලද පිරිත් නූල, පන්සලේදීම ඔහු විසින්ම කපා ඉවත් කල බවටයි.
එහිදී උන් වහන්සේ සඳහන් කලේ මිහින්තලාවෙන් හමුදාව ඉවත් කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී කතා කලේ සජිත් ප්‍රේමදාස,රොෂාන් රණසිංහ සහ විමල් වීරවංශ පමණක් බවත් අනෙක් කිසිදු මන්තීවරයෙක් ඒ පිලිබඳව කතා නොකළ බවත් ඔවුන් පලි ගත්තේ තමන් වහන්සේගෙන් නොව ශ්‍රී සම්බුද්ධ ශාසනයෙන් බවත්ය.
තවද උන් වහන්සේ ප්‍රකාශ කලේ පන්සල ගැන තොරතුරු සෙවීමට යුධ හමුදාවේ දෙදෙනෙකු පැමිණ සිටින බවත් ඔවුන් උන් වහන්සේගේ පෞද්ගලික තොරතුරු සෙවූ බවත් ඒවා සියල්ල ප්‍රකාශ කලේ පොලීසිය බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රාශියක් පොලිසිය විසින් අනාවරණය වූ බවත්ය.
එසේම උන් වහන්සේ මරා දැමීම සදහා කටයුතු සිදු කරනුයේ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක විසින් බවත් උන් වහන්සේට දුරකථන ඔස්සේ තර්ජන පවතින බවද, පුරාවිද්‍යා නිළධාරීන් පවා නීති රීති වලට එරෙහිව කටයුතු කරන බවද තවදුරටත් ප්‍රකාශ කරන ලදි. සම්පුර්ණ වැඩසටහන පහතින් බලන්න