දිනේෂ් ගුණවර්ධනගේ පළාත් පාලන ආයතන ගැන ප්‍රකාශය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවයි.

ඔහු මේ බව සඳහන් කළේ , අද පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියවීමේ තුන්වැනි දින විවාදයට එක්වෙමිනි.

පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, අවශ්‍ය පියවර ගැනීම සඳහා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Exit mobile version