දින කිහිපයකට පෙර මිය ගිය පුද්ගල මළ සිරුරක්

ඊයේ (06) ඒ පිළිබඳව අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව අවිස්සාවේල්ල, හුලද්දූව, ගැටහැත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

වාර්තා වන ආකාරයට මියගොස් ඇත්තේ, හුලද්දූව, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවත්
එම තරුණයා දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසා තිබේ.

එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වේ.

Exit mobile version