කල්පිටිය ප්‍රෙද්ශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් විසින් මසුන් මැරීමට මුහුදු ගොස් සිටියදී අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු බේරාගෙන තිබේ.
මෙසේ මසුන් මැරීම සඳහා ගොස් ඇත්තේ වයස අවුරුදු 13 සහ 23 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක් වන අතර මොවුන් පසුගිය 23 වනදා මන්නාරම – සීලාවතුර ප්‍රෙද්ශයෙන් මුහුදු ගොස් ඇත.
මෙම තරුණයින් දෙදෙනා ගමන් ගත් යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව මුහුදේ පාවෙමින් තිබියදී තවත් ධීවරයින් පිරිසක් විසින් මෙසේ මොවුන් බේරාගෙන තිබෙන අතර අනතුරුව ඔවුන් ගොඩබිමට රැගෙනවිත් මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ.