දින 11 වයසැති කුරුණෑගල ශික්ෂණ රෝහලේදි ප්‍රසූත කරමින් අත්හැර දමා ගිය බිළින්දා රෝහලේ නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ අතර අත්හැරදමා ගිය බිළින්දාගේ දෙමාපියන් සොයා අත් අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් නීතීඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් කුරුණෑගල මූලස්ථාන පොලිසියට නියම කලේය.
දරුවාගේ මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලෙදීම සිදු කිරීමෙන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස් ස්ථානය වෙත නියෝගය ලබා දී ඇත.
නොමේරූ දරු උපතකින් පසු වූ දරුවා ප්‍රතිකාර සදහා දැඩිසත්කාර ඒකකයට අතුලත් කල අතර දරුවාගේ මව
රෝහලේ කිසිවකුටත් නොදන්වා මීට දින කිහිපයකට පෙරදී රෝහලෙන් පිටවී ඇත.
දැඩිසත්කාර ඒකකයේ ප්රතීකාර ලබමින් සිටි අතරතුර දරුවා මිය ගොස් ඇත.
මියගිය දරුවාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා දරුවාගේ දෙමාපියන් සොයා විමර්ශනයක් කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ තෙන්නකෝන් මහතා පොලිසිට දන්වා ඇති අතර දරුවාගෙ දෙමාපියන් මෙරටින් පැන යා හැකි බව ලද තොරතුරක් මත ක්‍රියාත්මක ඌ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට පැනයා නොහැකි වන ලෙස කටුනායක ගුවන්තොටුපට දන්වන ලෙසට නයම කර ඇත.
තරුණ යුවලක් මෙම දරුවාගේ දෙමාපියන් බවට සැක කෙරන අතර ඔවුන් පොල්ගහවෙල ගොඩකවල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව තොරතුරු ලැබී ඇති අතර ධම්මි අබේසිංහ නැමැති තරුණ කාන්තාවක් දරුවා ප්‍රසූත කල ඇති බව පොලිසිය සදහන් කරයි.
ඔවුන් ලබා දී ඇති ලිපින ව්‍යාජ ලිපිනයක් බව පොලීසිය සැක පල කරන අතර මේ වන විට ඔවුන් සැඟව සිටින තැන් සොයා අත්තඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදු කරමින් පවතී.