දින 26ක් තුළ සංචාරකයන් ලක්ෂය ඉක්මවයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන පරිදි පෙබරවාරි පළමු වන දා සිට  පෙබරවාරි 26 වන දින වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ  පළමු මාසය තුළදී ද ලංකාවට සංචාරකයින් 102,545 දෙනෙකු පැමිණ ඇති බව එම අධිකාරිය සදහන් කර තිබේ.

පැමිණි සංචාරකයින්ගෙන් වැඩි දෙනෙකු රුසියානු ජාතිකයින් බවත්  ඊට අමතරව ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව , කැනඩාව, අමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින්ද බොහෝ සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව සදහන් වේ.

Exit mobile version