දියවඩන නිලමේට තරු පෙනෙයි. තමන්ගේ ගෝලයේ චන්දයෙන් පරාද වී පළමු කනේ පහර දෙවියන්ගෙන් . මහනුවර ප්‍රාදේශීය ලේකම්වරු අල්ලසට පයින් ගසයි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් ස්ථානයන් මෙන්ම සංස්කෘතික වශයෙන් බැඳීම තිබෙන්නේ විහාර සහ දේවාල සමගය.  පැරණි විහාර සහ දේවාල වලට අයත් ඉඩම්වල විශාල ජනතාවක් ජීවත් වෙති. ඒවායේ ජීවත්වන ජනතාව ශ්‍රී ලාංකික සංස්කෘතිය  පවත්වාගෙන යාම සදහා වැඩවසම් ක්‍රමයට අනුව කටයුතු කරන නමුත් ඒවායේ බාරකරුවන්ගේ දූෂණ, වංචා මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් පැරණි විහාර සහ දේවාල විනාශ වෙමින් පවතී.

 මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ දියවඩන නිලමේ තෝරාගැනීමේ නිලවරණයේ සිට බස්නායක නිලමේවරුන් තෝරා පත් කරගැනීම මේ වනවිට සිදුවන්නේ ලක්ෂ ගණන් මුදල් අල්ලස් ලෙස ලබා දෙමිනි. දශක කිහිපයක් තිස්සේ සිදුවන්නේ එම විහාර සහ දේවාල විකුණාගෙන කන දියවඩන නිලමේවරයෙකු සහ ඔහුගේ ගෝල බාලයන් කණ්ඩායමක් දේවාල සදහා නිලමේවරුන් ලෙස පත්කර ගැනීමේ මාෆියාවකි. ඔවුන් සිදුකරන්නේ චිරාත් කාලයක් දේවාල වල බස්නායක නිලමේවරුන් ලෙස සිටිමින් ඒවායේ තිබෙන සියල්ලම විකුණාගෙන කෑමයි. ශ්‍රී ලංකාවේ සිටින බහුතර නිලමේවරුන් සිදුකලේ ජාතියේ හදවත නොහොත් බුදුදහම විකුණාගෙන කමින් මතු උපදින බවයේ පෙරේත ලෝකයටත් පහල ලෝකයක ඉපදීමට පව් පුරවාගැනීමයි. ඔවුන්ගෙන් අල්ලස් ගෙන ඔවුන්ට චන්දය දුන් හිමිවරු, ප්‍රාදේශීය ලේකම්වරුන්ද තම තමන්ගේ හත් මුතු පරම්පරාවටම වැසි නැති හෙන ගැසීමේ පාපය මේ වනවිටත් උදාකරගෙන තිබේ.

නමුත් බුදු දහමට අනුව සියල්ලම වෙනස් වේ. අල්ලස් ගනිමින් චන්දය දෙන ක්‍රමය වෙනස් කිරීමට පෙරදින (18) මහනුවර පැවති බස්නායක නිලමේවරුන් කිහිපදෙනෙකු තෝරා පත් කිරීමේ නිලවරණයේදී අනාවරණය වේ. උඩුනුවර ඇම්බැක්ක ශ්‍රී මහා කතරගම දේවාලය, ගම්පොල වල්ලාහගොඩ ශ්‍රී කතරගම දේවාලය සහ මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය යන දේවාල වල බස්නායක නිලමේවරුන් තෝරා ගැනීමේ නිලවරණය පැවතුනේ මහනුවර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදීය. එහිදී 2025 පැවැත්වෙන දියවඩන නිලමේ තෝරාගැනීමේ නිලවරනයට කනේ පහරක් වැදී තිබේ. එකක් නම් ප්‍රාදේශීය ලේඛ්ම්වරු අල්ලස් ලබාගෙන නොතිබීමයි. (වාර්තාවන ආකාරයට. කෙසේ නමුත් අල්ලස් ලබා ගෙන තිබේද නැද්ද යන්න පිලිබඳව තව දුරටත් අප විමර්ශනය කරමින්සිටී). අනෙක නම් දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල විසින් යෝජනා ස්ටීර කර තිබෙන අපේක්ෂකයන් තිදෙනාම පරාජයට පත්ව තිබීමයි. එහිදී පිලිවෙලින් ජයග්‍රහණය කර තිබෙන්නේ ශානක බණ්ඩාරනායක, බණ්ඩාර වැලිවිට සහ අසංක රණවක යන මහත්වරුන්ය. ඔවුන් දියවඩන නිලමේ වන නිලංගගේ ගෝලයෝ නොවේ.

මීට පෙර පැවතී සියලුම නිලවරණ වලදී බුදුදහමට එරෙහිව යමින්, ඔවුන් ඔවුන්ගේ චන්දය භාවිතා කළේය. ඔවුන්ගේ චන්දය ලැබුනේ බුදු දහම විනාශ කරන නිලමේ වරුන්ටය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිදුව තිබෙන වංචා දූෂණ ප්‍රදීප් නිලංග විසින් සිදුකරනු ලැබුවේ චන්දය දුන් දුෂිත චන්ද දායකයන් නිසාය. බෞද්ධ ශාසන කොමසාරිස් ජනරාල්වරුන්ද නිලමේවරුන්ද කන්නේ ගින්දරය. මිනිසුන්ගේ මානසික සුවය ඉල්ලා දෙවියන්ට බුදුන්ට පූජා කරන මුදල් සහ දෙවියන්ගේ බුදුන්ගේ පූජනීය වස්තුන් විනාශ කරන ඔවුන්ට සහ ඒවායින් යැපෙන ඔවුන්ගේ පරපුරම මරනින් පසු ඉපදෙන්නේ කොහේදැයි ඔවුන්ගේ ආගම තුලම උගන්වා තිබේ.       

වංචාවට, දූෂනයට තිත තබමින් සැබෑ බෞද්ධ දර්ශනය නැවත යාවත්කාලින කිරීමට මෙම නවක නිලමේවරුන්ට හැකි වේවා යයිද පැරණි නිලමේවරුන් සේ අපා ගත වන වැඩ නොකිරීමට ඔවුන්ගේ සිතිවිලි සම්බුද්ධික වේවා යයි ද ප්‍රාර්ථනා කරමින් ඔවුන්ට අපගේද සුබ පැතුම් එක් කරමු.     

Exit mobile version