දියවඩන නිලමේ නිලවරණයට මාධ්‍ය මෙහුමක්. දූෂිත බස්යනාක නිලමේවරුන් නිලවරණයට සූදානම් වෙයි. ශ්‍රී දළදා මාලිඟා පරිශ්‍රය තුල අනවසර ඉදිකිරීම්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ( 29) ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ධර්ම කාරණාවට ප්‍රතිචාර දැක්වීමත් සමග ධම්ම පදය,වසල සුත්‍රය හා පරාභව සුත්‍රය සම්බන්ධයෙන් විවිධ අදහස් වලින් පාර්ලිමේන්තුව තුල පිරි ගියේය.

ඒ අතරේ පසු ගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අනවසර ගොඩනැගිල්ලක අටවා තිබු ගොඩනැගිල්ලක් ගිනි ගත්තේය.එය ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයයි. බැතුමතුන්ගේ මිලියන ගණනාවක වටිනා “කදුළු පඩුරු” වලින් සැප සොයන සහ ආගම වෙළදාමක් බවට පත් කරමින් සමස්ත දේශයම වැනසීමේ ප්‍රධානතම චුදිතයන් සිටින්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අරක්ගෙනය.

වර්තමාන දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල යනු අමු දූෂිතයෙකු බව මේ වන විටත් සාක්ෂි සහිතවම ඔප්පු වී අවසන්ය. මේ දූෂිත නිලමේවරයා අවුරුදු ගනනාවක් තිස්සේ බෞද්ධ ජනතාවගේ ආගමික චින්තනයට හානි සිදුකරමින් සියල්ල වනසන්නේ ක්‍රිෂාන්ත හිස්නැල්ල නමැති දූෂිත නීතිවිරෝදී මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු සමගය. ශ්‍රී දළදා මාලිගාවට ජනතාවගේ තිබෙන ගරුත්වය ඔවුන් පලිහක් කරගෙන තිබෙන අතර ප්‍රධාන මාධ්‍ය සියල්ලටම ආගමික විනාශය නොපෙනේ. ඔවුන් ක්‍රිශාන්ත හිස්නැල්ලගේ ” ශ්‍රී දළදා මාලිගාවෙන් මම කතා කරන්නේ” කියන වචනයට බිය වී ඇත. ඔවුන්ගේ අපරාධ සියල්ලම ප්‍රධාන මාධ්‍ය විසින් වසන් කරන්නේ ඔවුන්ද දූෂිත මාධ්‍ය බව පෙන්වමිනි. මේ වන විට 2025 දියවඩන නිලමේ නිලවරණයට නැවතත් වර්තමාන දියවඩන නිලමේවරයා වන නිලංග දෑල සූදානම් වෙමින් සිටි. ඔහු ඔහුගේ රියදුරන් පවා විවිධ දේවාල වල බස්නායක නිලමේවරුන් බවට පත් කර තිබේ. මේ වන විට ප්‍රධාන මාධ්‍ය හරහා 2025 නිලවරණයේදී තමන්ගේ කීර්තිනාමය ඔසවා තබා ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස්කරමින් තිබෙන බවද අපට වාර්තා වී තිබේ.

එසේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු දේවාල විගණන කණ්ඩායම් “බටා” මුදල් ලබා ගන්නේද දේවාල වල පින් කැටයෙන් බවද අප වෙත සාක්ෂි සහිතවම අනාවරණය වී තිබේ. රටේ ප්‍රධාන දේවාල වල සිටින බහුතරයක් බස්නායක නිලමේවරුන් අංක එකේ හොරුන්ය. දූශිතයන්ය. මේ මස අවසානයේ සිට ලබන වර්ෂය තුලත් රටේ වැදගත්ම දේවාල කිහිපයකම බස්නායකනිලමේ නිලවරණයන් පැවැත්වීමට තිබේ. එම දේවාල සියල්ලම 2025 දියවඩන නිලමේවරණයට සෘජු දායකත්වයක් ලබා දේ. දැනටත් දූෂිත, වංචනික බවට ඔප්පු වී තිබෙන නිලමේවරුන් සේවයේ දී සිටි.

අතීත උරුමයක් බවට පත්ව තිබෙන මෙම මාලිඟා පරිශ්‍රයට සිදුකර තිබෙන හානියට එරෙහිව වගකිව යුත්තන්ට දඩුවම් ලබා දීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් හෝ දූෂිත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර නැත. ලක්ෂ ගණනාවක් වටිනා දේපල ගිනිගෙන තිබේ. අනවසරයෙන් ඉදිකර තිබෙන මෙම ගොඩනැගිල්ළ මෙසේ මෙම ස්ථානයේ ඉදිකිරීමට අවසර දුන්නේ කවුද.?. එම පරිශ්‍රය තුල සිදුකර තිබෙන කැනීම් වලට එරෙහිව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගත ක්‍රියාමාර්ග මොනවාද?. ඔවුන් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැත.

ආගම දහම ගැන කිසිදු දැනුමක් හෝ ඒ වෙනුවෙන් කිසිදු ගරුත්වයක් හෝ නොමැති ගෝත්‍රික සංකල්ප සහිත මිනිසුන් යොදවා බුදු දහමට, එහි දර්ශ්නයට හානි වන අකාරයෙන් සියලුම කටයුතු සිදුකිරීමේ මූලිකම ගිහියා වන්නේ දියවඩන නිලමේ වරයා ය. ඔහුටම ගැලපෙන ලෙස ව්‍යපාරිකයන් විවිධ ස්ථානවලට යොදවා දේවාලවලට ද ජනතාව තුල තිබෙන ගරුත්වය නැතිකර තිබෙන්නේ ද මෙසේ ව්‍යාපාරිකයන් වූ මාධ්‍ය අධ්‍යක්ෂක වරයාය. ඔහු දියවඩන නිලමේවරයා සමග එකට එකතුව සිදුකර තිබෙන දැවැන්ත විනාශයට, දූෂිත ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි කොන්දක් ඇති නිලධාරීන් නොමැති වීමෙන් පෙනී යන්නේ මේ සියල්ලෝම දූෂිතයන් බවයි.

කෙසේ වුවත් කුමන ගැටයක් ගැසුවත් 2025 නිලවරණයෙන් වර්තමාන දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑලට අන්ත පරාජයක් අත්කරදීම සදහා ඔහුට එරෙහි කණ්ඩායම මේ වන විටත් සියල්ලම සූදානම් කර අවසන්ය.

Exit mobile version