දියවඩන නිළමේට රැකගැනීමට නොහැකිව ඉඩම් අක්කර 2000 ක් ගින්නෙන් දැවෙයි.

උඩුදුම්බර , පිටිගොඩ ප්‍රදේශයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩම් අක්කර 2000 ක් පමණ ගිනි ගෙන විනාස වී තිබෙන බව Cmedianet නමැති වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

එම වෙබ් අඩවියට අනුව, මෙම ප්‍රදේශයන් වල සිටින ජනතාව ඉතාම කටුක ජීවිතයක් ගත කරති. මෙම ඉඩම් දළදා මාලිගාවට අයත් අතර මාලිගාවේ අවසර නොමැතිව මෙම ඉඩම් වල ගසක්වත් කැපීමට අවසර නොලැබේ. එහෙත් අක්කර 2000 ක් විනාශ කිරීම මාලිගාවේ නීතියට අදාල නැත්ද ? ලෙස ඔවුන් ප්‍රශ්න කර තිබේ. එසේම පිටිගොඩ සුනිල් නමැති පුද්ගලයෙකු ඔහුගේ වගා බිම වෙනුවෙන් වසරකට රුපියල් 3000 ක් ගෙවිය යුතුය. එසේම එම ප්‍රදේශයේ මීට පෙර මාලිගාවේ ව්‍යාපෘතියක් ආරම්භ කල බවත්  නිධන් මංකොල්ලකෑම් පිලිබදව කල පැමිණිල්ලක්ද පොලිසියේ මැදිහත් වීමක් නිසා ඉවත් කල බවද සදහන් වේ. එසේම, මාළිගාවේ නම විකුණා දැන හෝ නොදැන එසේ ව්‍යාපෘති පටන් ගන්න මුවාවෙන් නිධන් මංකොල්ල කන්නන් මෙලෙස වික්ටෝරියා රක්ෂිතයෙහි ජලපෝෂක කලාපය ගිනිතබා විනාශ කිරීමත් සාප වන ක්‍රියාවක් ලෙසද සදහන් වේ.

එසේම රාවණා අපද මේ පිලිබඳව සොයා බැලූ අතර මෙම ගිනි ගැනීම සත්‍ය සිද්දියකි. එසේම මාලිඟාවට මෙලෙස වාර්ෂිකව බදු ගෙවීම , පොලිස් පැමිණිලි සහ ව්‍යාපෘතියද සත්‍යකි.

අප වැඩි දුරටත් මේ පිළිබදව ලබා ගත් තොරතුරුවලට අනුව,හුන්නස්ගිරිය බඹරබැද්ද , පිටිගොඩ ප්‍රදේශවල ඉඩම් පිලිබදව මාලිගාවට වග කියන විදානේ කෙනකු සිටි. මේ ප්‍රදේශයේ සිටින ජනතාව ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරති. කෙසේ වුවද , රජකළ සිටම මේ ඉඩම් බුක්ති විදින්නන් මාලිගාවට බදු ගෙවිය යුතුය. එම ක්‍රියාදාමයම   දන්ත ධාතූන් වහන්සේ   මාලිගාවට වැඩමවීමෙන් පසුවද සිදු වේ. එහෙත් රජ කල සහ, දන්ත ධාතූන් වහන්සේ මාලිගාවට වැඩමවීමෙන් පසුවද සිදු වන්නේ ආකාර දෙකක ක්‍රියාවලියකි. දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරමින්, තම බොදු උරුමය සුරකිමින් , තම ආගමේ  ආශීර්වාදය ලබා ගැනීම සදහා එම ගෙවීම් කරන බව පැහැදිලිය. එසේම මාලිගාවේ විවිධ රාජකාරීන් සිදු කිරීමද සිදු කරනුයේ මාලිගාවේ ඉඩම් වල පදිංචි කරුවන්ය. ඔවුන්ගේ ගෙවීම් හමුවේ හෙළ බොදු ජනතාවගේ උරුමයන් , සෙන්කඩගල වැසියන් විසින් සුරකින්නේ එසේ විවිධ කටයුතු සමගින් මාලිගාවට සේවය කරමිනි.

පිටිගල ප්‍රදේශයේ සිදු කරන ලද එම ව්‍යාපෘතිය දැඩි පරිසර හානියක් සිදු කරමින් සිදු වූ අතර, නිලමේගේ අනු දැනුම මත විදානේ සිදු කල එම කටයුත්ත සිදු කරනු ලැබුයේ ගිනිසීරියා වගාවක් ඉදිකිරීමේ මුවාවෙන් වන අතර ඩෝසර් යන්ත්‍ර කිහිපයක් යොදාගනිමින් සිදු කල එම කටයුත්ත නවතා දමනු ලැබුයේ එවකට උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්වරිය විසින් “රාවය” නමැති පුවත් පත මගින් එය ප්‍රචාරය වීමත් සමගය. දියවඩන නිලමේට මේවා නොපෙනීම, හෝ නොදැනීම තුලින් කරුණු දෙකක් පෙන්වයි. එකක් ඔහු දැනගෙනම නිධන් ගැනීම සදහා ඉඩ දුන් බවය. අනෙක් කරුණ ලිවීමෙන් නිලමේ නමැති තනතුරට අගෞරවයක් බැවින් සටහන් නොකිරීම අපගේ වගකීමකි.  

කරුණු කාරනා කෙසේ වුවත්, මාලිගාව තුල සිදුවන අකටයුතුකම් බොහෝය. අප මීට පෙර ඒ පිලිබදව වාර්තා කර තිබේ. අසරණ මිනිසුන්ගේ මුදල් ලබාගෙන එම මුදල් තම අභිමතය පරිදි දූෂිත සහ  වංචනික ලෙස භාවිතා කරමින්  බොදු දහම විනාශ වන ලෙස කටයුතු කිරීම පිළිබදව අපට ඇත්තේ අනුකම්පාවක් නොව, බුදු දහමට අනුව  ඔවුන්ට උරුම සතර මහා අපාය බැවින් කනගාටුවකි. කෙසේ වුවත් රාවණා ලග බොහෝ වංචා දූෂණ පිලිබදව තොරතුරු ඇත. ලගදීම ඒ සියල්ලම ලෝක බෞද්ධ ජනතාවට දැනගනීමට සලස්වන අතර, වගකිව යුත්තන් හට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමටත් අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බවද වගකීමෙන් සටහන් කර තබමි .

නීලංග දෑල දළදා මාලිගාවේ දේපල මංකොල්ලක. – Cmedianet

https://cmedianet.net/blog/archives/13997
Exit mobile version