දියවඩන නිළමේවරයාගේ වංචා දුෂණ හෙළි කළ පුද්ගලයාට විරුද්ධව පැමිණිල්ලක් .

පසුගිය දා සමාජ මාධ්‍ය කලඹමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ වන නිලංග දෑලගේ වංචා දුෂණ හෙළිදරව් කරන ලද කුරුණෑගල පදිංචි නිහාල් රෙක්සි ෆර්ඩිනෑන්ඩස් පුද්ගලයාගේ ප්‍රකාශ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන ලෙස කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් වන ශර්මිලා ගෝනවල මහත්මිය විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .

එම පැමිණිල්ල පහතින් දැක්වේ .

පොලිස්පති 

පොලිස් මූලස්ථානය,

කොළඹ 01.

පොලිස්පති තුමනි ,

පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත කරන ලද වෛරී  ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලකි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ ලේකම්/පෞද්ගලික සහකාර යැයි කියා ගන්නා අයෙක් වර්ෂ 2023 ක් වූ පෙබරවාරි මස 10 වන දින හෝ එයට ආසන්න දිනයකදී ප්‍රකාශ දෙකක් කරමින්  ජාතික සහ ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර ප්‍රචලිත කර ඇත.

විමර්ශන කටයුතු සඳහා මම මෘදු පිටපත සහ පණිවිඩවල සබැඳි මේ සමඟ අමුණමි. https://youtu.be/mFV_5lD-DZI 

 දළදා මාළිගාවේ රත්තරං වලට කෙලපු හැටි හෙලිකරයි –

ඉහත කී පුද්ගලයාගේ වෛරී ප්‍රකාශය සත්‍ය  හෝ අසත්‍ය දැයි තහවුරු කරගැනීමට  පමණක් නොව, අශෝභන,අසත්‍ය  අපහාසාත්මක, අපවාදාත්මක සහ උපහාසාත්මක කරුනු මාගේ මෙන්ම සුවහසක් ජනතාවගේ භක්තිය ,ගෞරවය හා විශ්වාසය ඇති වන්දනීය දළදා  මාළිගයට හා ත්‍රෛනිකායක හිමිවරුන්ට අපහාස කිරීමට සහ ඔවුන්ගේ චරිතයන්ට මඩ ගැසීමෙන් හා අපකීර්තියට පත් කිරීමේ ද්වේෂ සහගත චේතනාවෙන් සිදු කර ඇති බව මාගේ විශ්වාසයයි. ඔහු පුන පුනා  වෛරීව ප්‍රකාශ කරමින්  තහවුරු කිරිමට උත්සාහ ගන්නේ දළදා මාලිගාවට ලැබන්නාවු  ගෞරවය , සහා බෞද්ධ ආගම ප්‍රචලිත කිරිමට ලෑබෙන්නාවු ආධාර අඩාල කිරිමටද යන සැකය මාහට ඇතිවුනි. මා හට මොහු පිලිබදව කිසිදු විස්තරයක් නොමැති නමුත් මෙම වීඩියෝ දෙක ඔබට මෙම පුද්ගලයා  සොයා ගැනීමට නිසැකවම උපකාරී වනු ඇත.

මා හට ලැබී ඇති නීති උපදෙස් අනුව ඉහතකී ප්‍රකාශ වෙනත් නීතීන් අතර:

2007  අංක 56  දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3(1) වගන්තිය යටතේ;

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ  120  වන වගන්තිය;

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ  290(අ)  වන වගන්තිය;

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ  291(අ)  වන වගන්තිය;

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ  291(ආ)  වන වගන්තිය;

උල්ලංඝනය කිරීමක් හා එකී වගන්ති යටතේ යටතේ දරුණු අපරාධ හා  දඬුවම් ලැබිය හැකි වරදවල් වේ.

කරුණු එසේ හෙයින්,  යහපාලනය සහ අපගේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් හා විවෘතභාවයෙන් යුතුව මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර ඉහත තැනැත්තා හා ඔහු පිටුපස සිටින අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ නීතිය නොපමාව ක්‍රියාත්මක කර;  ඔවුනට දඬුවම් ලබාදීමට පියවර ගන්නා ලෙසත්;

ඉහත තැනැත්තන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නා ලෙසත්;  මෙයින් ඔබට පැමිණිලි කරනු ලැබේ.

මේයට

විශ්වාසි

ශර්මිලා ගෝනවෙල

නාගරික මන්ත්‍රී කොළඹ මහා සභාව

Exit mobile version