වර්තමාන දියවඩන නිළමේවරයාගේ පවතින බෞද්ධ දර්ශනයට හානිකර ක්‍රියාවන් වලට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස අස්ගිරි පාර්ශවයේ වයඹ දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි පසු ගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලේ පිටපතක් දියවඩන නිළමේවරයා වෙත ලැබී තිබේ. එය ලැබී තිබෙන්නේ නිල වශයෙන් නොව ඔහුට ඇති සබඳකම් ඔස්සේය. ඒ අනුව පසුගිය 10 වැනිදා හෝ ආසන්න දිනකදී දියවඩන නිළමේවරයා අස්ගිරි මහානායක හිමි බැහැ දැක සුමිත්ත හිමි සංඝ සභාවට කැඳවන ලෙසත්, උන් වහන්සේගෙන් කරුණු විමසන ලෙසත් ඉල්ලා තිබෙන බව අස්ගිරි මහා විහාරයේ දියවඩන නිළමේවරයාට එරෙහි හිමිවරුන් ප්‍රකාශ කරයි.
දියවඩන නිළමේවරයා මෙන්ම මහානායක හිමිවරුද රටේ පවතින නීතියට යටත් වේ. නමුත් ඔවුන් සිදුකරනුයේ නීතියට පයින් ගැසීමට බෞද්ධ දර්ශනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලය, බෞද්ධ දර්ශනයට එරෙහිවම භාවිතා කිරීමයි.
එසේ පැමිණිලි කිරීමට මෙරට සිටින ඕනෑම පුරවැසියෙකුට බලය සහ අයිතිය තිබෙන අතර එය නීතිමය අයිතිවාසිකමකි. එය පාලනය කිරීමට හෝ ප්‍රශ්න කිරීමට අස්ගිරි සංඝ සභාවට නීතිමය බලයක් ලබා දී නැත. එය රටේ පවතින නීතියේ කොටසකි. එයට බලපෑම් කරන යම් පුද්ගලයෙක් සිටී නම් ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ නඩු පැවරිය හැකිය. ඒ අනුව ඒ පිළිබඳ යම් තර්ජනයක් තිබේ නම් පොලිසියට පැමිණිලි කිරීමටද මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිට මෙරට නීතියේ ඉඩකඩ සලසා දී තිබේ.
ඒ අතර ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර අවසන් වු වහාම ශ්‍රී ලංකාවේ නන් දෙසින් නායක හිමිවරුන් ඇතුලු සිය ගණනක් දියවඩන නිළමේවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිලි කිරීමටද නියමිතව තිබෙන බවට ද තොරතුරු අප වෙත ලැබී තිබේ.