මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව වංචා සහ දූෂණ පිලිබදව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලෙන් ඔහු බේරා ගැනීමටත් , පැමිණිල්ල ඉදිරිපත් කරන ලද රාවණා ලංකා සංවිධානයේ ජාතික සංවිධායකවරයා වන ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ මහතාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විශ්‍රාමික විනිසුරුවරයෙක්, මහාධිකරණ විනිසුරුවරයෙක් , ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නීතීඥවරයෙකු දැඩි වෙහෙසක් ගන්නා බවට cmedianet.net නමැති වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.
එම වෙබ් අඩවියට අනුව එසේ සාකච්චා කර ඇත්තේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක, මහනුවර මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය, මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ මහනුවර හීන්කෙන්ද නමැති නීතීඥ වරයෙකුය. මීට පෙර ප්‍රදීප් නිලන්ගට එරෙහිව පවරන ලද සියලුම නඩුවලදී උදව් කර ඇත්තේ විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් බවද එහි සදහන් කර තිබේ.
මෙම පුද්ගලයන් අතර මහනුවර දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑලගේ ලගම හිතවතුන් සහ නෑදෑයන්ද සිටින බව සදහන් කර තිබේ. මීට පෙර ප්‍රදීප් නිලංගට එරෙහිව පවරා තිබු අපරාධ නඩු 4 කින් නිදොස් කොට නිදහස් කරන ලද්දේද මෙම විශ්‍රාමික විනිසුරු මනිලාල් වෛද්‍යතිලක බවට නඩු වාර්තාවල සදහන් වන බවද මනිලාල් වෛද්‍යතිලක මහතා මේ වන විටත් දියවඩන නිලමේ නිල නිවාසයට යන එන බවද , ගිහාන් පිලපිටිය මහතාද එසේ යන එන බවද මෙම වෙබ් අඩවිය තව දුරටත් සදහන් කර තිබේ.
එම වෙබ් අඩවිය වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ දළදා මාලිගාවේ පාලකයන් සිදු කරනු ලබන වංචා දූෂණ හෙළි කල ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ මහතා වෙනුවෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම ජාත්‍යන්තර ප්රජාවද, හාමුදුරුවන් වහන්සේලා විශාල ප්‍රමාණයක්ද මේ වන විට විවිධ සාකච්චා පවත්වමින් සිටින බවය.
රාජ්‍ය නිලධාරීන්ගේ හොරමැරකම් වලට මෙය පාඩමක් කර ගත යුතුව ඇතැයිද සදහන් කර ඇති මෙම වෙබ් අඩවිය දළදා මාලිගාව බේරා ගැනීම සදහා ලක්ෂ ගණන් බෞද්ධ ජනතාව පාරට බසින දිනය වැඩි ඈතක නොවන බව ද සදහන් කර තිබේ.
මෙම වෙබ් අඩවිය පිලිබදව තොරතුරු ලබා ගැනීමට අප උත්සාහ කලද එය ව්‍යර්තව ගිය අතර මෙම මාධ්‍ය වාර්තාව තුල තිබෙන කරුණු පිලිබදව සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මනාව පැහැදිලි වන අතර මෙම රාජ්‍ය නිලධාරීන්ගේ කුමන්ත්‍රණය පිලිබදව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අදාල අංශයන් වලට පැමිණිලි කිරීමට නියමිතව ඇත.