දියවන්නාවට කෙටි විවේකයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමන් විසින් 2021.12.12 දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව පාර්ලිම්න්තුවේ මීළඟ වාරය ආරම්භය 2022 වසරේ ජනවාරි මස 18 වන දින පෙරවරු 10.00 ට නියමිතව ඇති බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

වාර අවසාන කිරීම වශයෙන් සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීම වන අතර මෙහි දී කථානායකවරයා සිය ධූරයේ අඛණ්ඩව කටයුතු කළ යුතුව ඇත.

එමෙන් ම නව සැසිවාරයක් ආරම්භ වන විට තේරීම් කාරක සභා නැවත පත්කළ යුතුව ඇති අතර උසස් නිළ තල පිළිබඳව කාරක සභාව, වාර අවසාන කර ඇති අවස්ථාවක වුව ද අඛණ්ඩව ක්‍රියාත්මකය.

Exit mobile version