පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවීමේ සිද්ධියක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බව පවසා ඇති අතර මේ පිළිබඳව වහාම සොයා බලන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇත.
පරිසර අමාත්‍යංශය සදහන් කර ඇත්තේ මීට දින දෙකකට පමණ පෙර අදාළ සිදුවීම වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධව ඡායාරූප කිහිපයක් ද අමාත්‍යවරයාට හිතවතෙක් විසින් ලබා දී ඇති බවයි.මේ පිලිබදව ඒ මහතාගේ මුහුණු පොතේ සටහනක් යොදා තිබේ.
පරිසර අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ සඳහන් කර ඇති අතර ඡායාරූපවලට අනුව විශාල තෙල් තට්ටුවක් දියවන්නාව දෙසට පාවෙමින් පවතින බව ද පෙනී යන බව එම නිවේදනයේ සඳහන් කර ඇති බව පවසයි.
අමාත්‍යවරයා විසින් මෙම ක්‍රියාව යම් පුද්ගලයෙක් විසින්, ආයකතනයක් හෝ කණ්ඩායමක් විසින් සිදුකරන ලද ක්‍රියාවක් දැයි සොයා බලන ලෙසට උපදෙස් ලබා දී ඇත.