වාර්තා වන ආකාරයට ඊයේ (21) දහවල් කල්පිටිය පොලිස් වසමේ කිරිමුන්දලම කලපුවේ ධීවර කටයුතු වල යෙදී සිටි පුද්ගලයෙකු කලපුවට වැටී දියේ ගිලී මිය ගොස් ඇත.මොහු ධීවර කටයුතු සදහා තෙප්පමකින් කලපුව වෙත ගොස් ඇති අතර ඉන් පැයකට පමණ පසුව තෙප්පමක් කලපුවේ පාවෙමින් පැවතීම නිසා පුද්ගලයෙකු විසින් මිය ගිය පුද්ගලයාගේ බිරිදව ඒ පිළිබදව දැනුවත් කරන ලදී .පසුව මිය ගිය පුද්ගලයා කල්පිටිය රෝහලට ඇතුළත් කළද රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ශයට පත් වූ බව වාර්තා වේ .
මරණකරු තෝරාඩිය , කල්පිටිය ප්රදේශයේ පදිංචි අවුරුදු 23 හැවිරිදි පුද්ගලයෙකු බව කියයි.
මෘත ශරීරය කල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව කියයි.