කොටවිල පොලිස් වසමේ මිරිස්ස වෙරළ තීරයේ මුහුදේ දියනෑමට ගිය විදෙස් කාන්තාවක් දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, එම අවස්ථාවේ දී රාජකාරියේ යෙදී සිටි පොලිස් සංචාරක කොට්ඨාසයට අනුයුක්ත ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.
එලෙස විදෙස් කාන්තාව බේරාගෙන ඇත්තේ සැරයන් 72167 මංජුල, පොලිස් කොස්තාපල් 20373 ළහිරු සහ පොලිස් කොස්තාපල් 19407 ලක්ෂාන් යන නිලධාරීන් විසිනි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 47 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවකි.