දිය ඇල්ලක අසිරිය සමග පැවති කඨින චීවර පුණ්‍ය මහෝත්සවය.

රත්නපුර, වැලිගෙපොල , දියවිනි ගම තුල  ඇති ඓතිහාසික දේවගිරි රජමහා විහාරයේ  කඨින චීවර පුණ්‍ය මහෝත්සවය ඊයේ (14)  එම විහාරස්ථානය්දී  පැවැත් විය.

දියවිනි ඇල්ල අසබඩ පිහිටි මෙම පින් බිම 1942 වන විටද ජරාවාසව වනයෙන් යට වී තිබෙන අතර, ශ්‍රී  බුද්ධ වර්ෂ 335 දී ( ක්‍රි. ව 247 ) කරවා තිබේ. අනුරාධපුර මුල් යුගයට අයත් බව සැලකෙන අතර යටාලතිස්ස මහරජතුමන් විසින් කර තිබෙන බව සදහන්ය. අඩු පාඩු ගණනාවක් මධ්‍යයේ වුවද දියුණුවෙමින් පවතින මෙම පුණ්‍ය භූමිය තුල මෙවර පැවති කඨින චීවර පුණ්‍ය මහෝත්සවය ඉතාම මනරම්ව ගම්වාසීන්ගේ දායකත්වයෙන් උපරිම දායකත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.

දියවින්න දේවගිරි රජමහා විහාරාධිපති , හම්බෙගමුව මහා පිරිවෙනෙහි පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත වලේබොඩ ශ්‍රී විජිත නන්දරතන හිමිගේ ප්‍රධානත්වයෙන්, ප්‍රදේශයේ වෙනත් නයකහිමිවරුන්ගේ සහභාගීත්වයෙන්  පැවැත්විය. මේ අවස්තාව සදහා ඓයිතිහාසික කූරගල, නෙල්ලිගල රජමහා විහාරාධිපති වතුර කුඹුරේ ධම්මරතන නාහිමිද සහභාගී විය.

ත්‍රි සිංහලයේ රුහුණු පුරවරයට අයත් මෙම ප්‍රදේශයන් තුල පැරණි සිද්ධස්ථාන සිය ගණනක් කාලයත් සමගම වැළලී ගොස් තිබේ. මේ ප්‍රදේශයේ  නටඹුන් වූ  සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් උඩවලව වනය තුල තව දුරටත්  සැඟවෙමින් තිබෙන අතර කූරගල පිබිඳීම සමග මෙම ප්‍රදේශයන් වලද යම් පිබිඳීමක් දක්නට තිබේ.

Exit mobile version