දිය රකුසා බිලිගත් පියා සහ දියණිය .

අද (7) පස්වරුවේ කුඹුක්කන්ආරුව ඔය නැරඹීමට ගිය කාන්තාන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පියා සහ 12 හැවිරිදි දියණිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී කුඹුක්කන්ආරුව ඔයට වැටී ජිවිතක්ශයට පත් වුණු බව වාර්තා වේ.පියා ඕනෑගම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් බව කියයි.

මොවුන් දෙදෙනා ඔයට වැටුණු ස්ථානයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි පරණගම ප්‍රදේශයේදී දෙදෙනාගේ මළ සිරුරු සොයා ගත් බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version