අද (04) දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව පෙරවරු කාලයේ දී උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වීමේ හැකියාව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි තත්ත්වයන් ද ඇති විය හැකි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.