දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද (12) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රි්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

අද දිනයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්මවූ තරමක තද වැසි තත්ත්වයක් පෙන්නුම් කරයි.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version