අද (01) දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක් වැඩිවීමක් බලාාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.
වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තද වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර ඌව පළාතේ ,අම්පාර දිස්ත්‍රික්කයේත් සවවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.
එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.
විශේෂයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.