දිවයිනේ ප්‍රදේශ රැසකට සාමාන්‍ය වැසි

2023 ජනවාරි මස 27 දින සඳහා කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරණ ලද  කාලගුණ අනාවැකිය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විටවැසි ඇතිවේ.

හම්බන්තොටසහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලවැසි වාර කිහිපයක් ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50  පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version