වෙන්නප්පුව නයිනමඩම පාලමෙන් ගින් ගගට පැන්න 19 ව හැවරදී තරුණියකගේ ජිවිතය බේරාගත් පොලිස් නිලදාරීන් දෙදෙනෙක් පිළිබද ඊයේ (16) වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වුනි.
රාජකාරී ගමනක යේදීමෙන් පසු පැමිණෙමින් සිටියේදී ගග දෙසින් ඇසුන ශබ්දය පිලිබදව විමසිලිමත් වීමේදී තරුණියක් ගිලෙමින් සිටිනු දක්නට ලැබී ඇති අතර එහිදී නිල අදුම පිටින් ගගට පැන තරුණියගේ ජීවිතය බේරා ගැනීමට කොස්තාපල් ජීවන් ප්‍රනාන්දු සහා ප්‍රසාද් කුමාර යන නිලධාරීන් දෙදෙනා සමත්ව ඇත.
මෙම තරුණිය ජීවිතය නැති කර ගැනීම උදෙසා ගගට පැන ඇති අතර ගගට පැන්න පාලම අසල දී ඇයගේ අත්බෑගය හමුවී ඇති අතර එහි තිබූන ලිපියක ඇයට ඇති දේපළ දන් දෙන ලෙසා ලිය තිබුන බව පොලිසිය විසින් ප්‍රකාශ කරන ලදී.එමෙන්ම ඇය බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වෙන බවත් වෙන්නප්පුව ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලක සේවය කර ඇති බවත් පොලිසිය විසින් තහවුරු කර ඇත.
තවද මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ජීවිතය පරදුවට තබා ඉටුකළ මෙහෙවර උදෙසා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අගය කරන බව වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී හා ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරුන් යන අය පවස ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවේ කොටසක් ජීවිතවල අගය තුට්ටුවට දමමින් ධනය බලය ළඟ දණ නමද්දී මෙවැනි උතුම් නිලධාරීන් ද එම දෙපාර්තමේන්තුව තුළ සිටින බව අමතක නොකළ යුතුය.
ජීවිතයක අගය දන්නා මෙම නිලධාරීන් දෙදෙනාට අපගේද ගෞරවය පුද කරන්නෙමු.වැරදි දකින තැන එය පෙන්වා දෙනවා සහ දොස් නගනවා මෙන්ම හොඳ දකින තැන අගය කිරීමට ද මාධ්‍ය අප කටයුතු කරන්නෙමු.