ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් ත්‍රිකුණාමලය ෆවුල් තුඩුව සිට නාවික සැලපුම් 47ක් පමණ ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසියේ අසනීප වී ඇත.
අනතුරුව ඒ සඳහා වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව ඔහුව ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
මෙසේ හදිසියේ රෝගාතුර වී ඇත්තේ ධීවරයින් හයදෙනෙකු සමග අගෝස්තු මස 08 වනදා ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ‘මනුකි’ නමැති ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙක් බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා බේරා ගැනීමේ කටයුතු නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ලද තොරතුරක් මතය.
අනතුරුව ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත යොමුකර ඇත.
රාවණා සටහන.
පසුගිය කාල පරිච්ඡේදය පුරාවට ආරක්ෂක අංශ සියල්ලකටම පාහේ ජනතාව මැසිවිලි නැගුව ද බොහෝ අවස්ථාවලදී ජනතාව අසරණවන විට ජනතාවට ප්‍රශ්නයක් කරදරයක් වන විට පිහිට වන්නේ ද මොවුන්ම පමණි.
රජයේ සේවකයන් වන මොවුන් පාලකයන්ගේ බසට ද කීකරු විය යුතුවා මිස ඔවුන් ද සිය කැමැත්තෙන් ඔවුන්ගේ පදයට නටනවා විය නොහැක.ආරක්ෂක අංශ ලොක්කන් ඇතැම් අවස්ථාවලදී පාලකයන්ට දණ නමන් සිටිය ද බොහෝ විට දී ජනතාව අසරණ වන ඕනෑම අවස්ථාවක ඔවුන් දෙපාරක් නොසිතා ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වනු ලබයි.
මේ එවැනි අවස්ථාවක් වන අතර මනුෂ්‍ය ජීවිතයක හඳුනාගත් මෙම නිලධාරීන්ට රාවණා අපගේ ගෞරවය.