දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑම් රතු නිවේදන.

මේ වන විට දිවයින තුළ පවත්නා කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 05කට අයත් ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද ප්‍රෙද්ශ අතරට, මහනුවර දිස්ත්‍රික්කයේ පහතදුම්බර, උඩුනුවර, ගඟ ඉහළ කෝරලේ, පහත හේවා හැට, ගහවට කෝරලේ, හාරිස්පත්තුව, ගුම්පනේ, පූජාපිටිය, යටිනුවර යන ප්‍රෙද්ශත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව,රඹුක්කන, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, අරනායක, රුවන්වැල්ල, ප්‍රෙද්ශත් අයත්ව තිබේ.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, පොල්ගහවෙල යන ප්‍රෙද්ශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, මාතලේ, යටවත්ත, උකුවෙල, නාඋල, නගරපල්ලේගම, පල්ලේපොල යන ප්‍රෙද්ශවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රෙද්ශයටත් මෙම නායයෑම් අනතුරු ඇඟවිම් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

නිවේදන නිකුත් කර ඇත්තේ අදියර 01 යටතේ විමසිල්ලෙන් කටයුතු කරන ලෙස බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කණ්ඩි ආශ්‍රිතව දිවි ගෙවන ජනතාවට අවදානමක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසයි.

Exit mobile version