දිස්ත්‍රික් ලේඛම්ගේ ගල්බොක්ක කැළඹෙයි. ප්‍රාදේශීය ලේඛම් ද සම්බන්ධයි

අද (23) පෙරවරුවේ සංඛපාල කොලඹගෙඅර ගල්කොරිය හන්දියේදී පැවති දැවැන්ත විරෝධතාවයට හේතුව වුයේ , සංඛපාල කඳු වැටියේ බටහිර මායිමේ පිහිටි ගල්බෝක්කයාය කඳු රක්ෂිතය කපා එහි ඇති ඩොලමයිට් කපා හම්බන්තොට ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට රැගෙන යාමෙන් ඔවුන්ගේ ජන ජීවිත වලට සිදුවන හානියට කිසිවෙකුත් වග නොකියන බැවිනි.

එහිදී අනාවරණය වුයේ මේ කන්ද කැපීමෙන් එම ප්‍රදේශයේ 2500 ක් පමණ වන ජනතාවට ජලය පවා නැතිවන බවද කෘෂිකර්මාන්ත කටයුතු සදහා තිබෙන එකම වැවද සිදී යන බවත් ඔවුන්ට බීමට ජලය සපයන දිය උල්පත් පවා සිදී යන බවයි. මෙහිදී ඔවුන්ගේ ඉඩම පවා බලහත්කාරයෙන් අත් පත් කරගෙන තිබෙන බවද අනාවරණය වූ අතර පනහඩුව වසමේ ග්‍රාම නිලධාරීද, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් වරයාට මෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේඛ්ම්ටද චෝදනා එල්ල කල ඔවුන් සංඛපාල රජමහා විහාරයේ භාරකාර කොකාවල කෝශල නැමති හිමිවරයෙකුටද චෝදනා එල්ල කරන ලදී.

කෙසේ වුවද මේ වන විට මෙම ප්‍රදේශයේම පිහිටි රන්මිණි කොත නමැති සද්ධාතිස්ස රජු විසින් තැනු බවට ලිය වී තිබෙන වෙහෙර තුලද ඉදිකිරීම සදහා කූට ලේඛන සකසා තිබෙන බවද, එසේ සකසා මාසිකව රුපියල් 20000 ක මුදලක් මොබිටෙල් ලබා ගැනීම සදහා කටයුතු සිදු කර තිබෙන්නේද හිමි නමක් බවද අද අනාවරණය වූ අතර, එම රන්මිණි කොත වෙහෙර විනාශ කෙරෙන විට ඒ ආසන්නතම ප්‍රදේශයක කතෝලික පල්ලියක්ද ඉදිකිරීමටද කටයුතු කෙරෙමින් තිබෙන බවද අප මීට පෙර සදහන් කරන ලදී . කෙසේ වුවත් නීතිය නිහඩ බවද, සදහන් විය.

මෙම කඳු ප්‍රදේශය විනාශ කිරීම සදහා අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සම්බන්ධ බව ඉහතින් සදහන් කල නිලදාරීන් පවසන බවද සදහන් කල ගම් වාසීන් සදහන් කරන්නේ, එම නිලදාරීන් එසේ පැවසුවද, මේ කිසිවෙකුත් තමන්ගේ ජීවිත විනාශ කරන මෙම සිද්ද්ධියට සම්බන්ධ බවට තමන් විශ්වාස නොකරන බවාද , අදාළ නිලදාරීන් සහ අදාළ හිමි නම කොම්පැනි හිමිකරුගෙන් මුදල් ලබාගෙන මෙම සිද්ධිය සිදු කරන බවද සදහන් කරයි.

මෙයට අදාල පෙර පුවත්

https://www.ravanalankanews.lk/9058/02/%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b7%84%e0%b6%ba%e0%b7%8f%e0%b6%ba-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%99/28/13/
https://www.ravanalankanews.lk/9327/02/%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a/43/09/
Exit mobile version