හෙට (03) දිනයේදී කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සුවහසක් බැතිමතුන්ගේ වන්දනා මාන කටයුතු සඳහා වැඩම කරවන බව වාර්තාවේ.
මේ වනවිට එම සර්වඥ ධාතුන් වන්සේලා කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර සැදැහැවත් බෞද්ධ ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා අවස්ථාව සලසා දීමේ මුලික අරමුණ ඇතිව ආගමික පෙරහැරකින් දිවයින පුරා වැඩම කරවීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව හෙට දින ආගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය රැගත් පෙරහැර කැලණිය රජ මහා විහාරස්ථානයේ සිට කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත ළඟාවීමට නියමිතයව තිබේ.
කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී මෙම මස 03, 04 යන දෙදින තුළ සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමාන මාන කටයුතු සදහා තැන්පත් කොට තබන දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය පසුව මෙම මස 05 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී, 06 සහ 07 යන දිනවල කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී, 08 වැනිදා කඩුවෙල සංඝපිටි පුරාණ විහාරස්ථානයේදී, 09 වැනිදා පනාගොඩ බෝධිරාජාරාමයේදී හා සැප්තැම්බර් මස 10, 11 දෙදින තුල බෙල්ලන්විල රාජ මහා විහාරයේදීත් සියැසින් දැක වන්දනාකර ගැනීමට සැදැහැවත් බෞද්ධ ජනතාවට අවස්ථාව සැලසෙනු ඇත