දුක් විඳින වැසියන්, කටුකන පොලිසිය සහ සැප විඳින ශ්‍රී ලාංකිකයන්

පසුගියදා පොලිස් පරීක්ෂකවරයෙකු මුදල් නොමැති නිසා කිලෝමීටර් සිය ගනනාවක් තම පා පැදියෙන් රාජකාරියට වාර්තා කල බවට පුවතක් මාධ්‍ය මගින් අනාවරණය කරන ලදී. එම පොලිස් නිලධාරියා නමින් පොලිස් පරීක්ෂක ලෙව්ලියද්දයි. ඔහු සේවය කරන්නේ හම්බන්තොට අධිවේගී මාර්ග පොලිසියේය. නමුත් පොලිස් නිලධරීන්ට නිදහස් ගමන් බලපත්‍ර තිබේ. එය ඕනෑම පොලිසියක පොලිස් ස්ථානාධිපති ලග තිබේ. රාජකාරීන් සදහා යාමේදී එය භාවිතා කල හැකිය. සමහර විට අඔහු ඒ පිලිබදව නොදැනුවත්ව හෝ වොරන්ට් පොත ඉවර වී තිබුනාද විය හැකිය.

අනෙකුත් ආරක්ෂක අංශ නිලධාරින්ට කිසි සේත්ම පෞද්ගලික වාහනයකවත් තම නිල ඇදුමෙන් ගමන් බිමන් යාමද නීතියෙන් තහනම්ය. ඕනෑම රාජකාරියකට යා යුත්තේ අදාළ නම් කරන ලද වාහනයෙනි. නමුත් පොලිස් නිලධාරීන්ට තම නිල ඇදුමෙන්ම රාජකාරියට යාමට සහ ඒමට හැකිය.

මේ  දිනවල සාමාන්‍ය පුරවැසියෙකුගේ දල වියදම් පහත දැක්වේ. දරුවන් දෙදෙනෙකු සිටින පවුලක් සදහා උපකල්පනයක් ලෙස දක්වා තිබේ.

ගෑස් පෝලිමේ සිට ලබාගැනීමට                             –           6000 .00 ( දින ගණන් පෝලිමේ)

පාසල් වාහන සඳහා ගාස්‌තු (අවමය)                    –           7000.00

තුන් වේල සදහා සහල් දිනකට 02.50 බැගින්

මාසයකට කිලෝ ග්‍රෑම් 75 ක් 210 X 75                   –           15750.00

උපකාරක පන්ති සදහා . පන්ති තුනකට(1000)    –            6000.00

විදුලිය සහ අනෙකුත් වියදම්                                   –           10000.00

එකතුව                                                                     –           44750.00

අප ඉහතින් සදහන් කර තිබෙන්නේ වෙනත් බැංකු ණය, ෆිනෑන්ස් මෙන්ම නිවසේ වෙනත් වියදම්ද සදහන් නොකරය. මෙවැනි මුදලක් සොයාගැනීමට ශ්‍රී ලංකාවේ රජයෙන් වැටුපක් නොලබන පුද්ගලයෙකුට හැකියාවක් නැත. නමුත් මීට පෙර සියලුම දෙනාට කුලී වැඩක් හෝ තිබුණි. පොලිස් නිලධාරියෙකුගේ වැටුප් විස්තරය පහත දැක්වේ.

පො.කො.                                29540.00  –    37560.00

පො. සැ.                                  32010.00  –    42710.00

උ.පො.ප/ම.සැ                        32790.00  –    45610.00

පො.ප.                                     37030.00  –    52210.00

ප්‍ර.පො.ප.                                 42425.00  –    54825.00

සා.පො.අ/පො.අ                    47615.00  –    68975.00

ජේ.පො.අ.                               62595.00  –    82155.00

නි.පෝ.ප/ජේ.නි.පො.ප.         76175.00  – 110,895.00

දීමනා දල වශයෙන් 40,100 .00 ක් පමණ අවමයේ තිබේ. එසේම එයින් රුපියල් 20000 කට අඩු හෝ වැඩි ප්‍රමාණයක් විවිධ නිලයන් වල හැටියට අඩු වැඩි වේ. එසේම සාමන්‍ය රාළහාමි කෙනක් අනිවාර්යෙන්ම අහාර ලබා ගත යුත්තේ භොජනාගාරයෙන් වන අතර ඒ සඳහා රුපියල් 10000.00 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වේ. ඒ අනුව බලන විට සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුගේ අතට ලැබෙන මුදල රුපියල් 50000 ක් හෝ ඊට වැඩි මුදලකි. ඒ අතරේ නඩුවක් හෝ තිබුනේ නම් ඒ සදහාද වෙනමම ගෙවිය යුතුය. මේ හා සමානවම ගත් විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ වැටුප 150000.00 ක් පමණ විය හැකිය.

යුධ,ගුවන් සහ නාවික හමුදාවලද වැටුප මේ හ සමානව සාමාන්‍ය වෙනසක් තිබෙන නමුත් ත්‍රිවිධ හමුදා සාමජිකයන්ට අවුරුදු 20 සහ 22 දී විශ්‍රාම ගියහැකිය. එහෙත් පොලිස් නිලධාරීන්ට එසේ නොහැකිය. නමුත් හමුදා සාමාජිකයන් දැඩි මානසික පීඩනයකින් ඔවුන්ගේ සියලු බැදීම් අත් හැර දමමින් එම කාලය රට වෙනුවෙන් කැප කල යුතු බැවින් එම කාලයන් තුල සාමාන්‍ය නිලයන් විශ්‍රාම යා යුතුමය. නැති වුවහොත් ඔවුන්ගේ පීඩනය කිසිම දිනයක අවසන් නොවනු ඇත.     

මේ අතර රටට අත්‍යාවශ්‍යම විදුලිය ලබා දීමට අසමත් වූ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ වැටුප අති මහත් බව පසුගියදා වාර්තා විය. මිලියනයකට ආසන්න වැටුපක් ගත්තත් ඔවුන් තම රාජකාරිය තුල අසමත්ව තිබේ. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය සේවකයාත් මාසයකට රුපියල් 75000 කට වඩා වැඩි වැටුපක් ලබන අතර විශ්‍රමයක් සහ මිලියන 5 කටත් වඩා වැඩි ප්‍රමාණයක සිට ඉහලට අරමුදලක්ද ලබා ගනී. එවැනි ආකාරයේ අසමත් සේවකයන් 26000 ක් පමණ අවසානයේදී ශ්‍රී ලංකාවේ බදු මුදලින් යැපෙන්නන් වී තිබේ.

නමුත් එම ඉංජිනේරුවරුන්ගේ විදුලි මාෆියාව අප දැන් හදුනාගෙන තිබේ. පසුගියදා විදුලිබලාගාර සහිත වැව්වල ජලය මුදා හැර අප මුලින් සදහන් කල ගොවි කම්කරු  ජනතාවගෙන් පාලි ගත්තේ ඔවුන්ය. ජනතාවගෙන් පළිගත් සහ මෙරට විදුලියට අදාළ සියලුම දේ සිදු නොකර අවසානයේ ඉන්දියාවට හෝ ලබා දී මෙරට විදුලි බලය ගැටලුව විසදාගැනීමට සිදුවන තත්වය ඇතිකළේද විදුලි බල මණ්ඩලයේම දේශද්‍රෝහී පාලකයන්ය. මේ ඔවුන්ගේ වැටුප් තලයයි.

                                                                                    දීමනා සමග සම්පූර්ණ වැටුප

E –        විශේෂ           327,425.00 – 533,895.00                     919,432.00

E – 1.                           262,285.00 – 363,910.00                     694,240.00

E – 2                            218,565.00 – 284,140.00                     552,847.00  

E – 3                            185,000.00 – 237,185.00                     478,677.50  

E – 4                            153,000.00 – 194,725.00                     404,500.00  

ඔවුන්ගේ දීමනා සදහා වාහන, සහ ඉන්ධනද තිබේ.

රට වෙනුවෙන් වැඩකරනා මිනිසුන්ගේ වැටුපත්, විදුලියෙන් මෙරට පෝෂණය කල යුතු වුවන්ගේ වැටුපත් යනු අප ඉහතින් සඳහන් කල රජයෙන් වැටුප නොලබන ජනතාවගෙන් බදු මුදලින් යැපෙන්නන් වේ. සංස්ථා සහ මණ්ඩල සියල්ලම වංචා දූෂණ වලින් පිරි ඇති පසුබිමක රටේ ජනතාවට එපා වූ, පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් ඔවුන්ට කල හැක්කේ කුමක්ද?. එසේ නම් කල යුත්තේ ඉතාම ඉක්මනිනේ බදු සහ භාණ්ඩ මිල පහත දැමීමයි. එසේ නොකරන්නේ නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයාගේ සිට ඉහලම රාජ්‍ය සේවකයා දක්වාම දැඩි පීඩනයකට හසු වනු ඇත. දැනටමත් ඔවුන් එම පීඩනයට හසුව තිබේ. එබැවින් මෙරට සියලු පුරවැසියන් කෙරෙහි පාර්ලිමේන්තුව අවධානය යොමු නොකර කටයුතු කල හොත් සිදුවන්නේ තවත් දැවැන්ත විනාශයක් වෙත ගමන් කිරීමයි.  

Exit mobile version