මෑතක සිට වැලිකඩ බන්ධනාගාරයට නොයෙකුත් විවේචන එල්ලවීමත්,
දමිතා අබේරත්න මහත්මිය විසින් පසුගිය දින බන්ධනාගාරයට නගන ලද චෝදනා වලටත් යම් පිළිතුරක් දිය යුතු යැයි මා සිතුවේ බන්ධනාගාර සුබසාධන සමිතියේ මමද සාමාජිකාවක් වන නිසාවෙනි.
මා දන්නා පරිදි එතුමියව වඩාත් ආරක්ෂිතව රඳවා තබා ගැනීමට නිලධාරීන්ට උවමනාවක් තිබුණේ බන්ධනාගාරය තුළදී එතුමියට යම් අපහසුතාවයකට හෝ වධහිංසාවකට මුහුණ දීමට සිදු වූයේ නම් එයටද එම නිලධාරීන්ට චෝදනා ඉදිරිපත්වන නිසා යැයි මා විශ්වාස කරමි.
සීරකරුවෝද මනුෂ්‍යයෝ යැයි කියමින් අවශ්‍ය ප්‍රාතමික දේ ලබාදුන්නත් දඩුවමක් ලෙස රදවන ස්ථානයක් නිතර ඒමට සිතෙන තරමේ සැපවත් හෝ රසවත් තැනක් නොවිය යුතුයැයි මා සිතමි. මන්ද බන්ධනාගාර ගතවන්නේ විනෝදය, ආශ්වාදය ලබාගැනීමට නොවන නිසාය.
කාන්තා රැඳෙවියන් සිටින පැත්තේ සුලග හමනවිට දුර්ගන්ධයක් වහනය වන බව සැබෑය. එම වගකීම භාරගත යුත්තේ මෙරට පාලකයන්ය. මන්දයත් බන්ධනාගාර තාප්පයට යාබද කානුව මත අනවසර නිවාස වසර ගණනාවක් මුළුල්ලේ ඉදිකර තිබීමයි. බන්ධනාගාර බලධාරීන් විසින් එම නිවාස ඉවත් කර දෙන ලෙසට අදාළ ආයතන වලින් කාලයක් පුරාවට වරින් වර කොපමණ ඉල්ලීම් කරත් එම අනවසර නිවාස ඉවත් කලයුතු කොළඹ මහ නගර සභාවෙන් හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් විසින් ඉවත් නොකළේ එම ප්‍රදේශයේ කලින් කලට පත්වන ආසන සංවිධායකවරුන්ගේ දේශපාලන බලපෑම් නිසාය.
M.H. මොහොමඩ් සහා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වැනි ප්‍රබල දේශපාලනඥයන් මෙම ප්‍රදේශයේ ආසන සංවිධායකවරු වශයෙන් ක්‍රියාකර ඇත.
(කලකට ඉහතදී මෙම නිවාස වල සිට නොයෙකුත් දේ තුළ රඳවා මත්ද්‍රව්‍ය, මුදල්, sim card ආදිය බන්ධනාගාරය තුළට විසි කරන බවටද මාධ්‍යයේ පුළුල් ප්‍රචාරයක් ලැබිණි)
මෑතකදි නිවාස ඉවත් කිරීමෙන් අනතුරුව මලාප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තුවක් ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ අදාල දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂාවක්ද සිදු කරත් මෙතෙක් ඇස්තමේන්තුව ලබාදි නැත.
රටක නීති සම්පාදනය වන්නේත් එම නීති දැඩි වන්නේත් සමාජයේ සිදුවන වැරදි බහුල වන නිසාය, නිදහසින් පසුව මෙරට තුළ බන්ධනාගාර වැඩි වුවා මිස බන්ධනාගාර වැසී ගොස් නැත. බහුතරයක් වරදට පෙළඹෙන්නේ පවතින සමාජ හා ආර්ථික රටාව නිසාය.
බන්ධනාගාරය තුළ විද්වත් කාන්තාවන්, වෛද්‍යවරියන්, නීතිඥ වරියන්, ව්‍යාපාරිකාවන් ආදී මනා අධ්‍යාපනයක් ලද හොඳ පවුල් පසුබිමක් ඇති ඇතැම් විට නොකල වරදකට චෝදනා ලැබ බන්ධනාගාර ගතවූ කාන්තාවන්ද ඕනෑ තරම් සිටී. “ජරා ගැහැණු” යනුවෙන් හැඳින්වීමට සුදුසු කාන්තාවන් කිසිවිටෙක මට මුණගැසී නැත. දූෂිත සමාජයක වැරදිකරුවෙක් ලෙස “චෝදනා” ලැබූ අයෙකුට සහතික දීමට තරම් මේ සමාජයේ සුදුසුකම් ලද්දෝ කවුරුන්දැයි ජනතාව විසින් තීරණය කළ යුතුය.
බන්ධනාගාර ගතවිමට උවමනාවක් ඇති අයද නැතිවාම නොවේ, ඒ අන්කිසිවක් සදහා නොව ප්‍රතිරූපයක් සාදා ගැනිමට සමාජයේ “චරිතයක්” ව්මේ උවමනාවටය.
අවාසනාවකට අපට ඇත්තේ බන්ධනාගාර වැසීයන උසස් අද්‍යාපනයක් නොව විශ්වවිද්‍යාලයෙන් බන්ධනාගාරට යන ක්‍රමයක් බව ඇතැමෙකුගේ වචන භාවිතයෙන්, ක්‍රියාවෙන්, පැවැත්මෙන් තහවුරු කරගැනිමට හැක.
සමාජ වෙනස්කම් ඇති කිරීමට පෙර අපතුල ආකල්පමය වෙනස්කම් ඇතිකර ගැනීමට අවශ්‍ය බව මාගේ හැගිමයි.
ශර්මිලා ගෝනවෙල