රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ
ඒ අනුව මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද පෙරවරුවේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සීඝ්රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව තිබේ.