දෙමටගොඩ ප්‍රදේශයෙන්, දුම්රියක් ගොඩනැගිල්ලක් වෙත කඩාවැදී ඇති සිද්ධියක් වාර්තා විය.
අදාළ දුම්රිය දෙමටගොඩ දුම්රිය අංගනයේ ධාවනය වී ඇති අතර එහි පැරණි ගොඩනැගිල්ලක් වෙත මෙසේ කඩා වැදි විශාල අලාභහානියක් සිදුකර ඇත.
මෙම දුම්රිය නඩත්තු කටයුත්තක් සඳහා දෙමටගොඩ අංගනය වෙත රැගෙනවිත් ඇති අතර දුම්රිය නතර කිරීමේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් දුම්රිය මාර්ගයෙන් පිටතට පැන එම පැරණි ගොඩනැගිල්ලට කඩාවැදී ඇත.
පොලිසිය ප්‍රකාශ කළේ දුම්රිය රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරන බවත් අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.