දුම්රියට බිලි වූ දෙදරු මව.

අද (18) උදෑසන 06.00ට පමණ වාද්දූව නොම්බර එක දුම්රිය ස්ථානයේ දී කාන්තාවක් දුම්රිය එන්ජිමක ගැටී සිදුවූ අනතුරකින් එම කාන්තාව මියගොස් ඇති බව වාර්තාවේ.

මෙම කාන්තාවගේ  නොසැලිකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය මාර්ගය හරහා මගීන්හට ගමන් කිරීමට ගුවන් පාලමක් තිබියදීත් අනාරක්ෂිත ලෙස  දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදී දුම්රිය එන්ජිමක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු මවක් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන වාද්දුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version