දුම්රියේ ගැටී කතක් ජීවිතක්ෂයට .

වැල්ලව පොලිස් වසමේ පහළ වරද්දන ප්‍රදේශයේ දී යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .

119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත වැල්ලව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

මියගිය කාන්තාව, දුම්රිය මාර්ගයට පැමිණ සිටි නිවසේ ඇති කරන සුනඛයා බේරාගැනීමට තැත් කිරීමේ දී දුම්රියේ ගැටී ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබෙන අතර මෘත දේහය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති බව සදහන් .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු වැල්ලව පොලීසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version