ඊයේ රාත්‍රියේ රඹුක්කන පොලිස් වසමේ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ කිරිවල්ලාපිටිය ප්‍රදේශයේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හදුනා නොගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු බව කියයි.
මරණකරුගේ මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බවත් රඹුක්කන පොලීසිය පවසයි.