දුම්රිය අනතුරකින් ජීවිත දෙකක් අහිමි වෙයි.

යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සහ ඔහුගේ මාස 06 කුඩා දරුවෙකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මියගිය පුද්ගලයාගේ බිරිඳ යාපනය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සදහන්.

Exit mobile version