දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ, පවතින දෝෂ හේතුවෙනි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ උඩරට මාර්ගයේ 80% ක් දුම්රිය පීලිපැනීම්වලට ලක්ව ඇත්තේ නැරඹුම් මැදිරි බවයි.
ඒ හේතුවෙන් නැරඹුම් මැදිරි 4න් 2ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර පවසා තිබේ.
ඔහු සඳහන් කළේ වැඩිම දුම්රිය පීලි පැනීම් වාර්තා වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ බවයි.