දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවතට

දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ, පවතින දෝෂ හේතුවෙනි.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ උඩරට මාර්ගයේ 80% ක් දුම්රිය පීලිපැනීම්වලට ලක්ව ඇත්තේ නැරඹුම් මැදිරි බවයි. 

ඒ හේතුවෙන් නැරඹුම් මැදිරි 4න් 2ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර පවසා තිබේ.

ඔහු සඳහන් කළේ වැඩිම දුම්රිය පීලි පැනීම් වාර්තා වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ බවයි.

Exit mobile version